• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උද්දිකගේ වෙඩිල්ල – සැකකරුවන් වහාම අල්ලන්න නියෝග – ටිරාන්ගේ පොලිස්පතිගේ පළිගැනීමක් – නීතිඥයෝ කියති

3 September 2024
in දේශීය, පුවත්
උද්දිකගේ වෙඩිල්ල – සැකකරුවන් වහාම අල්ලන්න නියෝග – ටිරාන්ගේ පොලිස්පතිගේ පළිගැනීමක් – නීතිඥයෝ කියති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන් කළ මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කළ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජිව මහනාම සැකකාරභාවයෙන් මුදාහරින්නැයි කළ ඉල්ලීම අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් ඊයේ (02) ප්‍රතික්ෂේප කළාය.

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර ඇත්තේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ, පොලිස්පතිවරයාගේ සහ ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ගේ බලපෑම් නිසා වන හෙයින් ඔහු අදාළ නඩුවෙන් නිදහස් කරන්නැයි නීතිඥවරුන් කළ ඉල්ලීම් මෙලෙස ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්ව විමර්ශන කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියම කළාය.

නීතිඥ ඉසුරි උදානිගේ මෝසමකට අනුව නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිඥ උපාලි ජයමාන්න කරුණු දක්වමින් නීතිය පිළිබඳ අමාත්‍යවරයාගේත් පොලිස්පතිවරයාගේත්, ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ගෙත් බලපෑම මත රහස් පොලිසිය තම සේවාදායකයා දඩයම් කිරීමට උත්සාහ කරන්නේ යැයි කීය.

උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධියට හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම සම්බන්ධ බවට විමර්ශනයේදී කිසිදු කරුණක් අනාවරණය වී නැති පසුබිමක ඔහු මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කළේ කෙසේදැයි යනුවෙන් ප්‍රශ්න කළ නීතිඥවරයා විරන්ජිත් තාඹුගල නමැත්තකුගෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රුපියල් කෝටි 30 කට අධික කප්පමක් ඉල්ලීමේ සිද්ධියකට අදාළ නඩුවක් අධිකරණයේ පවතින බවත් පැවසීය.

එම කප්පම් ඉල්ලීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා තම සේවාදායකයාද සහාය දක්වා ඇති බවත්, ඒ හේතුව මත නීතිය භාර අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් පළිගනිමින් සිටින බවත් කී නීතිඥ උපාලි ජයමාන්න මෙම වෙඩිතැබීමෙන් මෝටර් රථයට හානි වූ බවට හෝ තමා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පැමිණිල්ලේ සඳහන් කර නැතැයි කීය.

එවැනි පසුබිමක සේවාදායකයාට මිනීමැරුම්, අනර්ථය කිරීම සහ සඳහා ආධාර අනුබල දීමේ චෝදනා එල්ල කරන්නේ කුමන පදනමක් මතද? යනුවෙන් ප්‍රශ්න කළ නීතිඥ උපාලි ජයමාන්න තම සේවාදායකයාගේ රාජකාරි පිස්තෝලයෙන් වෙඩි උණ්ඩ පිටවී නැති බවට රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇතැයි ද පෙන්වා දුන්නේය.

මෙම සිද්ධියේ මුල් අවස්ථාවේ සිටම අපරාධ දෙපාර්තමේන්තුව වරින්වර පරස්පර කරුණු ඇතුළත් වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එවැනි වාර්තා ලෝකයේ කිසිදු රටක දක්නට නැති බවත් කී නීතිඥ උපාලි ජයමාන්න සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති හා ස්වාධීන පරීක්ෂණයක් තම සේවාදායකයා ඉල්ලා සිටින්නේ යැයි කීය.(ලංකාදීප)

Post Views: 8
Previous Post

දේශපාලන දැන්වීම් වාහනවල ගහගෙන ගියොත් ගලවනවා!

Next Post

මාළිමාව ගැන සාකච්ඡා කරන රනිල්-මරික්කාර් වීඩියෝවක් ලීක්වෙයි – “කුමන්ත්‍රණයක්” – මාළිමාවෙන් චෝදනා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

25 August 2025
දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

25 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved