ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) අනුව, 2025 ඔක්තෝම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්වනවා.
2025 සැප්තැම්බර් මාසයේදී මෙම අගය 2.1% ලෙස වාර්තා වී තිබුණා
සැප්තැම්බර් මාසයේ 3.8% ලෙස තිබූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝම්බර් මාසය සඳහා 4.1% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බරයේ 0.7% සිට ඔක්තෝම්බර් මාසයේ 1.5% දක්වා ඉහළ වී ඇති බව ද වාර්තාව පෙන්නූම් කරයි.













