කොළඹ සිට මඩකලපුව බලා අද (18) දින අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.
මෙම වන අලියා අද අලුයම 3.00 පමණ සිට මෙම ගම්මානයේ සැරිසරමින් සිටි බවත්, වන අලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහර දී වී ආහාරයට ගන්නා බවයි ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියේ .
වනජීවී නිලධාරීන් සඳහන් කර සිටියේ මියගොස් ඇති වන අලියා වයස අවුරුදු 15ක් පමණ වන අතර, උස අඩි 08ක පමණ සත්ත්වයෙකු බවයි
මඩකලපුව ප්‍රදේශයේ දී ජීවිතක්ෂයට පත් වූ වන අලියා
මේ අතර ගිරාඳුරුකෝට්ටේ දී වන අලියෙකු වෙඩිතබා ඝාතනය කර ඇති බව ද වාර්තා වුවා.
අදාළ සිද්ධියේ ඡායාරූප –