• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උදේ පාන්දර හිස් බඩ උණු වතුර පානය කළොත් මොකද වෙන්නෙ

7 July 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
උදේ පාන්දර හිස් බඩ උණු වතුර  පානය කළොත් මොකද වෙන්නෙ
0
SHARES
31
VIEWS
Share on FacebookShare on Twitter

අපගේ නිරෝගීබව පවත්වා ගැනීමට පෝෂ්‍යදායී ආහාර වේලක් සේම, ජලය අත්‍යවශ්‍ය සාධකයක් බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය.

සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකු නම්, ඔහු හෝ ඇය දිනකට වතුර වීදුරු 08ක් වත් පානය කිරීම අප ශරීරයට අත්‍යවශ්‍ය වන සාධයකයකි. නමුත්, මේ ආකාරයෙන් දිනකට වතුරු වීදුරු 08ක් වත් පානය කළ යුතු යැයි කියා, එක්වරම වතුර බෝතල් ගණනින් පානය කිරීමද වැරදි ක්‍රියාවකි.

එසේ එක්වර ජලය පානය කිරීමට යාමෙන් විවිධ සංකූලතා මතුවිය හැකිය. ඒ නිසා, අප නිවැරදිව ජලය පානය කළ යුතු වන්නේ මේ ආකාරයෙනි. එනම්,

සෑම පැය 1/2 කට වරක් වතුර අඬු කෝප්ප 01ක් වත් පානය කිරීමට හැකි නම්, එය අපේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් යහපත්ය. නිවසේ රැඳී සිටින්නෙකු වුවද, රැකියාවක නිරත වන්නෙකු වුවද, මේ ආකාරයෙන් ජලය පානය කිරීමට හැකි නම්, අපගේ ශරීරය සඳහා දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය අපටත් නොදැනීම අප ශරීරය වෙත ලැබෙන බව නොරහසකි.

මේ ආකාරයට අපට දෛනිකව අවශ්‍ය ජලය ප්‍රමාණය අපටත් නොදැනීම ලබාගන්නේ කෙසේද කියා විමසා බැලීමේදී, ඇතැම් දෙනා නිතර ජලය පානය කිරීමට මැළිකමක් දක්වන හේතුවක්ද මෙහිලා සඳහන් කිරීම වටී. එනම්, නිතර නිතර මුත්‍රා කිරීමට සිදුවන බව පවසමින් ජලය පානය කිරීමේ හොඳ පුරුද්ද බොහෝදෙනෙකු විසින් අතපසු කරනු ලබන බව පැවසිය යුතුය.

එහිදී, අප කලින් සඳහන් කළ ආකාරයටම සෑම පැය 1/2 කට වරක් වතුර අඬු කෝප්ප 01ක තරම් ප්‍රමාණයක් පානය කිරීමෙන් ඔබට අනවශ්‍ය අපහසුතා ඇති නොවන අතර, එය ඔබගේ ශරීරයටද පහසුවක් වන බව සඳහන් කළ යුතුය.

එමෙන්ම, අප ජලය පානය කිරීමේදී සිදුකරන තවත් වැරදි ක්‍රියාවක් මෙහිලා සඳහන් කරන්නෙමු. එනම්, අප ආහාර ගන්නා අතරතුරදී ජලය පානය කිරීමට පුරුදුව සිටීමයි. මෙසේ ආහාර ගන්නා අතරතුරදී ජලය පානය කිරීමට යමෙකු පුරුදුව සිටින්නේ නම්, ආහාරය දරවීමට ආමාශයෙහි ශ්‍රාවය වන ආමාශයික යුෂය තනුක වීමෙන් ආහාර දිරවීමේ ගැටලු ඔහුට හෝ ඇයට මතුවිය හැකිය.

එසේම, ආහාර ගෙන අවසන් වූ පසුවත් ජලය වීදුරු ගණන් පානය කිරීමද අපේ ශරීරයට යහපතක් ගෙන දෙන්නක් නොවන බව මෙහිලා සිහිපත් කළ යුතුය.

එහිදී, යමෙකු ආහාර ගැනීමට පැය 1/2 කටවත් පෙර වතුර අඬු කෝප්ප 01ක් සහ ආහාර ගැනීම අවසන් වූ පසුව වතුර අඬු කෝප්ප 1/4 ක් පමණ පානය කිරීම ජලය පානය කිරීමේ වඩාත් යෝග්‍ය ක්‍රමය බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

ඔබ උදෑසනින් අවදි වූ වහාම හිස් බඩ නිවුණු ජලය වීදුරුවක් පානය කිරීමට පුරුදුව සිටීමද ඉතාම වැදගත් ක්‍රියාවකි. එහිදී, හිස් බඩ ජලය පානය කර පැය 1/2 ක් පමණ යනතෙක් වෙනත් පාන වර්ගයක් හෝ ආහාරයක් නොගැනීමට ඔබ වගබලා ගත යුතුය.

ඒ වගේම, ඔබ තරමක් ස්ථුල පුද්ගලයෙකු නම් උදෑසන අවදි වූ වහාම මඳක් උණුසුම් ජලය වීදුරුවකට දෙහි බිංදු 3 – 4 ක් හෝ මී පැණි තේ හැඳි 1/2 – 1 ක් පමණ දමා පානය කිරීම ඔබේ ස්ථුලභාවය මට්ටු කිරීමට උපකාරී වන බවද සිහිපත් කළ යුතුය.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ පවා තමන් වහන්සේගේ දෛනික දින චර්යාව ආරම්භ කිරීමට පෙර අවදි වූ වහාම සිසිල් පැන් පානය කළ බව ඔබ නොදන්නවා විය හැකිය.

උදෑසන අවදි වූ වහාම වතුර පානය කිරීමේ හොඳ පුරුද්දක් ඔබට නැතිනම් අඩුම තරමින් හැදෙන වැඩෙන ඔබේ දරුවන්ටවත් මේ පුරුද්ද ඇති කරවීමට ඔබ වගබලා ගත යුතුය.

මන්දයත්, දරුවන්ගේ දින චර්යාව ක්‍රමවත්ව සකසා ගැනීමට මෙය මහෝපකාරී වන බැවිනි. ජලය පානය ඒ තරම්ම අපේ ශරීර සෞඛ්‍යයට අතිශය වැදගත් බව ඔබ වටහාගත යුතුය.

සෑම මිනිසෙකුටම වඩාත්ම වැදගත් පෝෂකයක් වන්නේ ජලයයි. උදේ පාන්දර හිස්බඩ වතුර බීමෙන් ඔබේ සෞඛ්යය වැඩි දියුණු වන අතර, ඔබ ශක්තිසම්පන්න කරයි.

ගොඩක් අය දන්නේ නැහැ ජලය පානය කිරීමේ වැදගත්කම ඒ නිසා ඔවුන් දවස පටන්ගන්නේ උදෑසන තේ හෝ කෝපි කෝප්පයෙන්.

නමුත් එය සෞඛ්‍යට හිතකර නැහැ. උදෑසන හිස්බඩ ජලය පානය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන තමයි මේ කියන්න යන්නේ

01. රුධිර සංසරණය වර්ධනය කරයි.උදෑසන වතුර වීදුරුවක් පානය කිරීම මගින් රුධිර සංසරණය වර්ධනය කර ශරීරය නිරෝගී කරයි.

02. ශරීරයේ විෂ ඉවත් කරයි.වැඩියෙන් ජලය පානය කරන විට මුත්‍රා කිරීමේ වාර ගණන වැඩි වේ. එයින් ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරන අතර ශරීරය පිරිසිදු කරයි.

03. කුසගින්න වැඩි කරයි.හිස්බඩ ජලය පානය කිරීම ඔබගේ ආහාර රුචිය වැඩි කිරීමට උපකාරී වේ.

04. වේදනාවට සහනය ලබාදෙයි.උදෑසන වතුර වීදුරුවක් පානය කිරීම මගින් හිසරදය හා වෙනත් ඕනෑම වේදනාවකට සහනය ලබාදෙන අතර දවස පුරා හොඳින් ජලය පානය කිරීමෙන් හිසරදය ඇතිවීමේ අවදානම අවම කරයි.

05. වයස්ගත පෙනුම නැති කර නිරෝගී පෙනුමක් ලබාදෙයි.ජලය පානය කිරීමෙන් සමේ තෙතමනය ආරක්ෂා කරන අතර සම නිරෝගී කර ප්‍රත්‍යස්ථ බව වර්ධනය කරයි.

06. ශක්තිය වැඩි කරයි.හිස්බඩ ජලය පානය කිරීම මගින් රතු රුධිර සෛල වේගයෙන් වර්ධනය කරන අතර රුධිරයේ වැඩි ඔක්සිජන ප්‍රමාණයක් ඇතිවේ. එමගින් ඔබේ ශරීරයේ ශක්තිය වැඩි කරයි.

07. සිරුරේ බර අඩු කරයි.ඔබ ආහාර පාලනය කරනවා නම් වැඩිපුර ජලය පානය කිරීම මගින් ශරිරය්ව් බර අඩු කරගත හැකියි. ජලයේ කැලරි අඩංගු නොමැති බැවින් ඔබට අවශ්‍ය තරම් පානය කරන්න පුළුවන්.

08. වකුගඩු ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.ජලය පානය කිරීමෙන් වකුගඩු පිරිසිදු කර එහි ක්‍රියාකාරිත්වය වර්ධනය කරන අතර ශරීරයේ සිනි මට්ටම පාලනය කිරීමටද උපකාරී වේ.

(අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි)

Post Views: 32
Previous Post

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

Next Post

පහළ ගිය පොල් මිල ගැන කියන කතා

Editor TTV News

Editor TTV News

Next Post
පහළ ගිය පොල් මිල ගැන කියන කතා

පහළ ගිය පොල් මිල ගැන කියන කතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved