උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කල යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මිය පවසනවා.
ඒ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කල යුතු බවයි ඇය පැවසුවේ.
පාසල් තුළ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ගේ මානසික මට්ටම යහපත් පරිදි පවත්වාගෙන යා හැකි මනෝ උපදේශන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැඩටහනේ වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමිනුයි අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියේ.
කෙසේ වෙතත් එතුමිය විසින් පෙන්වා දුන්නේ දිවයිනේ ව සියලු ම පාසල්වලට මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවට යි.