• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උවමනාවට වඩා ඕනෑම නැති දේවල් ගැන දන්නවාද ?

29 July 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
උවමනාවට වඩා ඕනෑම නැති දේවල් ගැන දන්නවාද ?
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

“ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත” කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ “ටූ මච් එව්‍රිතින්ග් ඊස් ගුඩ් ෆෝ නතින්ග්” කියලා. අපි ඕනවට වඩා ජීවිතයේ ඕනෑම නැති දේවල් ගැන මීට කලිනුත් කතා කරලා තියෙනවා. ඇත්තටම ඕනම දෙයක් සීමාව ඉක්මවා තිබුනහම, ඒක හොඳ දෙයක් වුණත් නරකට බලපාන්නට තියෙන ඉඩ වැඩියි. උදාහරණයක් විදිහට ගත්තොත්, දැන් ඔය සමහර කොළ වර්ග එහෙම තියෙනවා, වෛද්‍ය විද්‍යාවේ විදිහට ඖෂධීය ගුණ තියෙනවා කියලා කියන. හැබැයි ඒ කොළ ජාති හැමදාම කන්න ගියොත්, වෙන ලෙඩ හැදෙනවා කියලත් වෛද්‍යවරු ම කියනවා. ඕනම දෙයක් එහෙම තමයි. පොත් කියවන එක හොඳ පුරුද්දක්. හැබැයි තමන්ගේ වැඩ අමතක කරලා පමණට වඩා පොත් කියවන්න ගියොත් ඒක නරකක් වෙන්නෙ නැද්ද? අන්න ඒ වගේ තමයි.

අන්න ඒ නිසා අපි අදත් බලමු ජීවිතේ පමණට වඩා ගත්තොත්, හොඳම නැතිවෙන දේවල් කිහිපයක්.

01. ඕනෑවට වඩා යාළු මිත්‍රකම්
අපේ ජීවිත වලට යාලුවෝ ඕන. ඒකෙ දෙකක් නෑ. මිනිස්සු කියන්නේ, සමාගමයට කැමති සත්තු. ඒ නිසා යාළු මිත්‍රකම් හැම මනුස්සයෙකුටම ජීවිතේ තියෙන්න ඕන. එතකොට ඕනෑවට වඩා යාළු මිත්‍රකම් කියලා දෙයක් තියෙන්න පුළුවන්ද? ඔව් එහෙම වෙන්නත් පුළුවන්. දැකලා තියෙනවද, තමන්ගේ යාලුවන්ගේ එහෙම නැත්නම් තමන්ගේ හොඳම යාලුවාගේ ජීවිතයේ හැම පොඩි දෙයක් ගැනම තීරණය කරන්න දඟලන, ඒ අයගේ ජීවිතවල වගකීම තියෙන්නේ තමන් අතේ කියලා හිතන, හැමදේකටම ඒ අයගේ ජීවිතවලට ඇඟිලි ගහන යාලුවෝ? එහෙම අය ඉන්නවා. ඒ අය එහෙම කරන්නේ නරක අදහසකින් නෙවෙයි වෙන්න පුළුවන්. ඒ අය හිතනවා, තමන්ගේ යාලුවගෙ ජීවිතේ හැම දෙයක්ම හොයල බලලා, යාලුවා වෙනුවෙන් තීරණ ගන්න එක තමන්ගේ වගකීමක් කියලා. හැබැයි ඒක කොයි වගේ කරදරයක් වෙනවා ද යාලුවන්ට කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

අන්න ඒ නිසා අපි කියන්නේ මේකයි. යාළු මිත්‍රකම් පවත්වන්න. ජීවිතේට යාලුවෝ තියාගන්න. තමුනුත් හොඳ යාළුවෙක් වෙන්න. හැබැයි ඒ යාළුකම සීමාවක් තියාගන්න. ඒ අයගේ ජීවිතවලට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන එක, ඒ අයව පාලනය කරන්න යන එක යාලුකම නෙවෙයි.

02. ඕනෑවට වඩා ඉවසන සුළු වීම
අහල තියනවනේ කියමනක් “ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය” කියලා. තව කියමනක් තියනවා “ඉවසීමෙන් සැනසීම ලැබේ” කියලා. ඒක ඇත්ත. ඉවසීම කියන්නේ බොහොම හොඳ ගුණාංගයක්. ඉවසීම තියෙන මනුස්සයට, අනවශ්‍ය හිත් කරදර වලින්, ආතතීන් වලින් තොරව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඕනෑවට වඩා ඉවසීම කියලා දෙයක් තියෙන්න පුළුවන්ද?

ඔව්. හැමදේටම ඉවසන්න යන එක හොඳ ගුණාංගයක් නෙවෙයි. ඒ කියන්නේ තමන්ට මොනවා කළත්, මොනවා කිව්වත් ඉවසන එක, හරි දේ වුණත් වැරදි දේ වුණත් ඉවසන එක, වැරැද්ද දැක දැක වුණත් ඉවසන එක කිසිසේත්ම හොඳ ගුණාංගයක් විදියට ගන්නට බැහැ.

03. ඕනෑවට වඩා ස්වයං වින්දනය
සාමාන්‍යයෙන් ලිංගික විද්‍යාව ගැන උපදෙස් දෙන විශේෂඥවරු සහ වෛද්‍යවරු කියන දෙයක් තමයි, ස්වයං වින්දනය කියන්නේ නරක දෙයක් නෙවෙයි කියන එක. ඒ කියන්නේ ස්වයං වින්දනය නිසා ආතතිය එහෙම දුරු වෙන්න පුළුවන්, ඒක සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවක් කියන එක. හැබැයි සමහර ආගම් වල පූජකවරු එහෙම නම් මේකට විරුද්ධයි. ඒ කොහොම වුණත්, ඕනෑවට වඩා ඕනෙම දෙයක් ඕනම නැත කියන එක ස්වයං වින්දනයටත් අදාළ වෙනවා. ඒ කියන්නේ ඒක ඇබ්බැහියක් බවට පත් වෙනවා නම්, ඒ කියන්නේ දවසකට කීප පාරක් ස්වයං වින්දනයේ යෙදෙන්නේ නැතුව බැරි තත්ත්වයකට පත්වෙනවා නම්, ස්වයං වින්දනයේ යෙදෙන්න මොනව හරි අසභ්‍ය දේවල් බලන්නම වෙනවා නම්, ඒකට තමන්ගේ හිතට ගැලපෙන පෝර්න් හොයන්න සැලකිය යුතු කාලයක් දවසකට වැය වෙනවා නම්, ස්වයං වින්දනය හැරෙන්නට සාමාන්‍ය ලිංගික සංසර්ගයකට ගිහින් සතුටු වෙන්න බැරි කමක් දැනෙනවා නම්, ඒ කියන්නේ, ස්වයං වින්දනය අනවශ්‍ය ඇබ්බැහියක් බවට පත්වෙලා. අන්න ඒ නිසා, අපි මතක තියාගන්න ඕන කාරණය, ස්වයං වින්දනය නරක දෙයක් නෙවෙයි. ඒක ඇබ්බැහියක් බවට පත් වෙන්න දෙන්න එපා. එච්චරයි.

04. ඕනෑවට වඩා උපදෙස්
දැන් අපිට ඕනම දෙයකට උපදෙස් දෙන්න අය ඉන්නවනෙ. ඒ කියන්නේ අපේ යාලු මිත්‍රයන්ගේ ඉඳන්, නෑ හිතවතුන් දක්වා, එතකොට අහල පහල අයගේ ඉඳන්, ෆේස්බුක් එකේ එහෙම හමුවෙන අය දක්වා ඕන තරම් සෙනඟ ඉන්නවා උපදෙස් දෙන්න. ඒකට එක හේතුවක් තමයි උපදෙස් දෙන එක ලෙහෙසි වීම. හැබැයි දැන් කවුරු උපදෙස් දුන්නත්, තමන් තමන්ට නිවැරදියි සහ අනුන්ට කරදරයක් නෑ කියලා තමන් හිතන, තේරුම්ගන්න දේ විතරක් කරන කෙනෙක්ට මේ කාරණය ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ. හැබැයි ඕනෑවටත් වඩා, අනුන්ගේ උපදෙස් පිලිපදින්න යන, අනුන් තමන් තමන් ගැන හිතන්නේ මොකක්ද කියන එක ගැන වද වෙන, ලෝකෙට ඕන විදියට ජීවත් වෙන්න යන මිනිස්සුන්ට නම්, මේ ඕනෑවට වඩා උපදෙස් කියන්නෙම ශාපයක්. ඇයි අපි එහෙම කියන්නේ? හිතන්න ඔයා අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න යනවා කියලා. දැන් මේ බිස්නස් එක පටන් ගන්න කලින්, ඒ ගැන අදහස් විමසලා ඔයා ෆේස්බුක් එකේ පොස්ට් එකක් දානවා කියල හිතන්න. දැන් ඔයාට ඒකට පිළිතුරු විදිහට, එක එක උපදෙස් ලැබෙන්න පටන් ගන්නවා. කෙනෙක් කියනවා දැන් කාලේ හොඳයි බිස්නස් එකක් කරන්න කියලා. තව කෙනෙක් කියනවා මේ කාලේ බිස්නස් කඩාගෙන වැටෙනව කියලා. තව කෙනෙක් කියනවා ඩොලර් එක තව ටිකක් උඩට යන කල් ඉන්න කියලා. ඔය වගේ විවිධාකාර උපදෙස් තමයි හම්බවෙන්නෙ. එතකොට දැන් ඔයා කොහොමද තීරණයක් ගන්නේ. දැන් මෙතනදි වෙන්න පුළුවන් දේ තමයි, ඔයා අනිත් අයගේ උපදෙස් ගැන ඕනවට වඩා හිතන කෙනෙක් නම්, කොහොමද බිස්නස් එක කරන්නේ, කොහොමද පටන් ගන්නේ කියලා හරි තීරණයක් නැතුව වැඩේ අත ඇරලා දාන එක.

05. ඕනෑවට වඩා ඇල්කොහොල්
ඇල්කොහොල් ඕනෑවට වඩා ගන්නවා කියන්නේ මොකක්ද? ඒක කතා කරන්න කලින් අපි දැනගන්න ඕන, මිනිස්සු ඇයි ඇල්කොහොල් ජාති බොන්නේ කියලා. වෙරි වෙන්නද? ගොඩක් අයගේ උත්තරය වෙන්නේ මේක. හැබැයි මේ උත්තරේ සීයට සීයක් හරි නැහැ. මොකක් හරි ඇල්කොහොල් වර්ගයක රසය විඳ ගන්න බොන මිනිස්සුත් ඉන්නවා. එහෙම නැතිනම්, ඇල්කොහොල් ජාතිවල, මත් වෙන සැර විතරක් තිබ්බහම ඇතිනේ. එතකොට දැන් කොහොමත් වෛද්‍යවරු එහෙමත් කියන දෙයක් තමයි, සමහර ඇල්කොහොල් වර්ග මඳ පමණින්, යම් කාලයකට සැරයක් ගන්න එක සෞඛ්‍යයටත් ඇත්තටම හොඳයි කියන එක. හැබැයි ඒ ලිමිට් එක පැන්න ගමන්, ඒ සෞඛ්‍යයට හොඳයි කිව්ව ඇල්කොහොල් වලින්ම සෞඛ්‍යයට හානි සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ප්‍රමාණයට වැඩියෙන් යම් ඇල්කොහොල් වර්ගයක් ගන්නකොට ඒකෙන් තමන්ට ලැබෙන එන්ජෝයි කරන්න පුලුවන් ඉෆෙක්ට් එක නැති වෙලා යනවා. ඒක රස විඳින්න පුළුවන් හැකියාවත් ඒ ලිමිට් එක පැන්නහම නැති වෙනවා.

 

06. ඕනෑවට වඩා විනෝදය
අපි හැමෝම විනෝද වෙන්න කැමතියිනේ. එතකොට අපි විනෝද වෙන්න පාවිච්චි කරන එක එක ක්‍රම තියෙනවා. කෙනෙක් විනෝද වෙන්න චිත්‍රපටියක් බලන්න යන්න පුළුවන්. කෙනෙක් ගෙදර ඉඳන් චිත්‍රපටියක් බලන්න පුළුවන්. ටීවී බලන්න පුළුවන්. පොතක් කියවන්න පුළුවන්. සින්දුවක් අහන්න පුළුවන්. තවත් කෙනෙක් විනෝදෙට කන්දක් නගින්න යන්න පුළුවන්. ට්‍රිප් එකක් යන්න පුළුවන්. විනෝදයට මිත්‍රයෝ හම්බෙන්න යන්නත් පුළුවන්. විනෝදයට ශොපින් යන්නත් පුළුවන්. විනෝදයට සෙක්ස් කරන්නත් පුළුවන්. සමහරු විනෝදයට මත් වෙන දේවල් එහෙමත් පාවිච්චි කරන්න පෙළඹෙනවා. ඉතින් මේ විදිහට, ලයිස්තුගත කරලා ඉවර කරන්න බැරි තරම්, මිනිස්සු විනෝදයට කරන්න කැමති දේවල් තියෙනවා.

එතකොට මේ දේවල් ඕනෑවට වඩා කරනවා කියලා දෙයක් තියෙනවද? සරලවම කිව්වොත් ඔව්. අපි විනෝදයට කරන ඕනම දේකින්, අපේ එදිනෙදා ජීවිතයේ රිද්මයට හානියක් වෙනවා නම්, අපේ ජීවිතයේ තියෙන සම්බන්ධතාවයන්ට හානියක් සිද්ධ වෙනවා නම්, අපේ එදිනෙදා ජීවිතයේ කරන්න තියෙන වැඩ, වගකීම් එහෙම අතපහු වෙනවා නම් ඒ කියන්නේ ඒ විනෝදයට කරන දෙයින් අපේ ජීවිතයට හානියක් සිද්ධවෙනවා කියන එක තමයි. උදාහරණයක් ගමු. අපි කියමු අපි විනෝදයට වීඩියෝ ගේම් ක්‍රීඩා කරන්න කැමතියි කියලා. දැන් මේක ඇබ්බැහියක් බවට පත්වෙනවා. අපි දවස පුරාම කාමරේ ඉඳන් ගේම් ගහනවා. රෑට නිදාගන්නෙත් පැයක් දෙකක්. ගෙදරට කවුරුත් ආවත් එළියට බහින්නෙත් නෑ. මෙන්න මේ තියෙන්නේ විනෝදයට කරන්න ඕන දෙයක් ඕවර්ඩෝස් වුණු එකේ ප්‍රතිඵල තමයි. උඩ ඇල්කොහොල් සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙන්නෙත් මීට සමාන දෙයක් ගැන.

  • ඡායාරුප සහ සටහන lifie.lk ඇසුරිනි.
Post Views: 9
Previous Post

ලංකාවට සුනාමියක් ?

Next Post

රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් දුමින්දව මුදා හරියි

Editor TTV News

Editor TTV News

Next Post
රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් දුමින්දව මුදා හරියි

රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් දුමින්දව මුදා හරියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

29 July 2025
ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

29 July 2025
මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

29 July 2025
ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

29 July 2025

Recent News

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

29 July 2025
ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

29 July 2025
මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

29 July 2025
ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

29 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

29 July 2025
ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

29 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved