තව මාස 3කින් ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් මේ වන විටත් එජාප, රාජපක්ෂ කඳවුරේ ප්රතිපත්තිවල කිසිදු වෙනසක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂයේ ප්රචාරක ලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (24) මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ රාජපක්ෂ සහ එජාපයේ ප්‍රතිපත්ති සමාන බවයි.
හොරකම, නාස්තිය, දුෂණය ඒ කඳවුරේ ජාන ලක්ෂණය බවත් එම පක්ෂවල අපේක්ෂකයින් වටා ඉන්න බොහෝ පිරිසක් චූදිතයින්, අපරාධකාරයින්, අධිකරණවල නඩු තිබෙන පුද්ගලයින් බව හෙතෙම පැවසිය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අවස්ථාවකදී ජනාධිපතිවරණවලදී ආණ්ඩු හදන්න මැදිහත් වුණේ නැහැ. ජනාධිපතිවරණවලදී විවිධ උපක්‍රම පාවිච්චි කරලා තිබෙනවා. විවිධ දේශපාලන තීන්දු අරගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස 2015 පාර්ලිමේන්තු මැතිවරණය ගත්තත් ජනතා විමුක්ති පෙරමුණේ අපි වෙනම තරග වැදුණා. එජාපය වෙනම තරග කළා. අද වෙනම ඉන්න මෛතී‍්‍ර සහ මහින්ද පිල පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග කළේ එක කණ්ඩායමක් ලෙසයි. විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණවලදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි යන තීන්දුවට අනුව කටයුතු කර තිබෙනවා. එක් පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණේ මතය මේ වනවිට මතවාදීව ජයග්‍රහණය කොට තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් එක්සත් ජතික පක්ෂය පවා මේ වනවිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයට පැමිණ තිබෙනවා. අපි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ ජයග්‍රහණය කිරීමේ අරමුණින්. ඒ වගේම ඉන් නොනැවතී රටේ ආණ්ඩු බලය ලබාගැනීම දක්වා වන දීර්ඝ ක්‍රියාවලිය පිළිබඳව මනා සැලසුමකින් තමයි අපි මෙවර තරග වදින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, පළාත් සභා මන්තී‍්‍ර ලක්ෂ්මන් නිපුනආරච්චි ද සහභාගි විය.