එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (19) පස්වරු 04 ට අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මෙහිදී ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන ආකාරය මෙන්ම පාර්ලිමේන්තුව කටයුතු ද එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ද බොහෝ විට සාකච්ඡා පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.
තව ද මෙම සාකච්ඡාවෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අමාත්‍ය සුජිව සේනසිංහ මහතාගේ නිවසේ පැවැත්වෙන බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාස මහතාව එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු බවට එම මන්ත්‍රීවරුන් විසින් අග්‍රාමාත්‍යවරයාට කිහිපවරක් ම දැනුම් දී ඇති බව එම කණ්ඩායමේ විශ්වාසවන්තයෙකු අප වෙත පැවසිය. එම ආරංචි ලබා දෙන්නා කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළදී සජිත් ප්‍රේමදාස හට එජපෙයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන බවයි. කෙසේ වෙතත් එජාපයේ බෙදීම නැවතිය හැකිවන්නේ ද සජිත් හට අපේක්ෂකත්වය ලබා දීමෙන් අනතුරුව බව එම විශ්වාසවන්ත පුද්ගලයා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය. ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම මෙන්ම සන්ධාන ගත වීම පිළිබඳ පවා සාකච්ඡා කිරීමද ඉදිරියේදී ප්‍රසිද්ධ කරනු ඇති බව වාර්තා වේ.
 
			 
                                 
                                 
							












