සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසූ පරිදි එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් වැඩ කිරීම සඳහා සමගියේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකග වී තිබෙනවා.
ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් පසුව යි ඔහු මාධ්‍ය වෙත මෙම අදහස් පළ කර සිටියේ.
එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර තිබෙන්නේ සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදීත් ඒකමතික තීන්දුවක් හරහා එළඹි බවත් සමගි ජන බලවේගයේ නායකත්වයෙන් මූලිකත්වයෙන් සහ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පොදු වැඩපිළිවෙළකට, පොදු ක්‍රියාමාර්ගයකට දේශපාලන වශයෙන් ප්‍රවේශ වීමට තීරණය කළ බවයි.
රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා පිළිබදව ප්‍රශ්නවලට විසදුම් ලබා දිම සහ පිළිතුරු ලබා දිම පිළිබදව ප්‍රායෝඟික , ජනතාවාදී, ප්‍රගතිශීලි ප්‍රතිපත්තිමය එකගතාවයන් මත සමගි ජනබලවේගයේ නායකත්වය එජාපය සමග ඒකාබද්ධ වෙමින් මේ වැඩපිලිවල ක්‍රියාත්මක කිරීමට සුදානම් බවත් පැවසිය.