• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එජාප නව පෙරමුණේ සාමාජිකයෙකුවීමේ බලාපොරොත්තුවක් නෑ – දයාසිරි කියයි

22 July 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂය එළැඹෙන 05 වැනි දින බිහි කරන නව පෙරමුණෙහි සාමාජිකයකු වීමේ බලාපොරොත්තුවක් තවම නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) අනුරාධපුරයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් , හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ සහභාගීත්වයෙන් අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ගෝඨාභය රාජපක්ෂ මහතාට අප කිසිම භයක් නොමැති බවත් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා එක පක්ෂයකට එයාව ජනාධිපති කිරීමට නොහැකි බව ජයසේකර මහතා කියා සිටියේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කළේය ” ජනාධිපතිවරණයට තමයි අපි මේ සූදානම් වෙන්නේ, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට, ආසනයෙන් ආසනයට අපි යනවා, අපේ සංවිධාන ජාල ගොඩනගනවා, හැමගමකම අපි විදිමත් සංවිධාන ජාල ගොඩනගමින් යනවා,ලංකාව පුරාම ආසන 162 හිම අපි අපේ පක්ෂයේ ශක්තිය ඉදිරියට ගෙනයන වැඩපිළිවෙල අපි කර ගෙන යනවා,ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා , වත්මන් ජනාධිපතිතුමා විය යුතුයි කියන මතයේ ඉන්නවා,අනාගතයේ එතුමා ඉදිරිපත් වන්නේ නෑ කියලා තාම අපිට කියලා නෑ, එතුමා ඉල්ලන්නේ නැත්නම් ඊළඟට ගන්න පියවර මොකක්ද කියලා එතුමත්, අපි සියලු දෙනාත් එකට එකතු වෙලා ගන්න ඕන තීන්දුවක්, එතනින් පස්සේ තමයි අපි ගන්න තීන්දුව – තීරණය ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ.ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කලොත් හෙට උදේ ඉඳලා බැහැලා අපි වැඩේ කරනවා.ඉල්ලන්නේ නැත්නම් කවුරු එක්කද අපි වැඩ කරන්නේ කියලා පක්ෂයක් ලෙස තීන්දුවක් ගන්නවා.

ඒ වගේම මම නම් කියන්නේ වහාම පළාත් සභා මැතිවරණය ඉස්සරලා තියන්න කියලා, එතකොට එක තීරණයකට අපිට යන්න පුළුවන්.ඔක්කොම ඉල්ලන්නේ පළාත් සභා මැතිවරණයනේ, මැතිවරණ තිබ්බේ නෑ කියලා ආණ්ඩුවටත් බණිනවානේ.ජනාධිපතිතුමාට අපි කියන්නේ කරුණාකරලා පළාත් සභා මැතිවරණය ඉස්සරලා ගේන්න,පළාත් සභා මැතිවරණයෙන් අපි පටන් ගමු.ඊළඟට තීරණය කරමු ජනාධිපතිවරණය කොහොමද එන්නේ කියලා.

පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ගෝඨාභය රාජපක්ෂ මහතාට අපි කිසිම භයක් නෑ, අපි එතුමා හොඳට අදුරනවා, හොඳ නායකයෙක් , අපේ හිටපු ආරක්ෂක ලේකම්තුමා, අපිට කිසි ප්‍රශ්නයක් නෑ එතුමා එක්ක, ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා එක පක්ෂයකට එයාව ජනාධිපති කරන්න බෑ, ඒ නිසා තමයි මහා පෙරමුණු හදන්නේ, එක්සත් ජාතික පක්ෂය ලබන 05 වැනිදා ඔක්කොම එකතු කරලා පෙරමුණක් හදනවා.පෙරමුණක් හදන කොට පෙරමුණේ නායකයා තීරණය කරනවා මිසක්, එක පක්ෂයකට බෑ තීරණයක් ගන්න අපේ ජනාධිපති අපේක්ෂක මෙයා, තමුසෙලා කැමති නම් ඇවිත් අපිත් එක්ක වැඩ කරනවා කියලා එහෙම කියන්න බෑ.මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පහුගිය ජනාධිපතිවරණයට තරඟ කරන කොට සංවිධාන 49 ක් එකතු කර ගත්තා එතුමා.ඒ වගේම පක්ෂ ගණනාවක් එකතු වෙලා ඒ ගොල්ල තමයි තීරණය කලේ මෙතුමා තමයි පොදු අපේක්ෂකයා කියලා.මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නම යෝජනා වුණෙත් එහෙම තමයි.ඒ නිසා අලුත් ජනාධිපති අපේක්ෂක කියලා වෙන විකල්පයක් නෑ, දැන් තියෙන තත්වය අනුව රට තියෙන්නේ ඉතාම නරක තැනක.එක් කේාටි විසි හත් ලක්ෂයක් – එක්කෝටි තිස් ලක්ෂයත් අතර ඡන්ද වැටෙයි ඉදිරි ජනාධිපතිවරණයේදී , ඒකෙන් ලක්ෂ 65 ක් ජන්ද ගන්න ඕන, කිසිම පක්ෂයක් ජන්ද ලක්ෂ 65 ක් අරන් නෑ ලක්ෂ 50 ක් 60 ක් ගත්තා මිසක් 65 ක් අරන් නෑ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පහුගිය මැතිවරණයේදී ගත්තේ ලක්ෂ 50 යි, තව ලක්ෂ 15 ක් එකතු කර ගන්න ඕන, අපි වීජ ගණිතය නෙමෙයි අංක ගණිතය අනුව කථා කරන්නේ.අර ඩිලාන් පෙරේරා කියලා තිබුණා මමයි, හිටපු ලේකමුයි, කේලමුයි වීජ ගණිතයෙන් ගණන් හදන්නේ කියලා කියලා තිබුණා.අපි නම් වීජ ගණිතයෙන් නෙමෙයි අංක ගණිතයෙන් වැඩ කරන්නේ.හරියට අපේ ටිකයි, පොදු ජන පෙරමුණයි එකතු කර ගෙන අනෙක් අයත් එකතු කර ගත්තොත් දිනන්න පුළුවන්.කවුරු හරි හිතනවා නම් අපේක්ෂකයා නම් කරලා ඉවර වෙලා කැමති නම් මෙයාට වැඩ කරන්න කියලා, එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්පනා කරනවා කොහොමද අපි වැඩ කරන්නේ කියලා.

එක්සත් ජාතික පක්ෂය ලබන 05 වැනි දින හදන අලුත් පෙරමුණෙහි සාමාජිකයකු වීමේ බලාපොරොත්තුවක් තවම නෑ, අපි තවමත් ස්ථාවරව, පක්ෂය විදිහට තීන්දුවක් අර ගත්තේ නෑ, නමුත් අපි පක්ෂයේ සංවිධාන ශක්තිය හදනවා ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන් විදිහට, එතනින් පස්සේ අපි තීන්දුවක් ගන්නවා කොහොමද අපි ඉස්සරහට යන්නේ කියලා, පළමුව අපිට අපේ රට වැදගත් වෙන්නේ, දෙවනුව පක්ෂය වැදගත් නෑ, ප්‍රථිපත්තිමාලාවක් තුළ අපි ඉදිරියට යන්න ඕන, රට ගොඩගන්න පුළුවන් කාටද කියන එක ගැන යම් අදහසක් තියාගෙන අපි ඉදිරියට යන්න ඕන, ඒ නිසා අපිට පවුල් වාදයත් අවශ්‍යය නෑ, ගජමිතුරුවාදයත් අපිට අවශ්‍යය නෑ, අපිට ඕන හොඳට මේ රට හදන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන හොඳ සන්ධානයක් හදාගන්න එක ඒකට අපි සියලු දෙනාම මහන්සි වෙනවා. යැයි මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

Post Views: 6
Previous Post

රටක් වශයෙන් තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටිය යුතුයි – අගමැති

Next Post

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය සිහිපත් කිරීමේ විශේෂ දේව මෙහෙයට ජනපති එක්වෙයි

editor

editor

Next Post

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය සිහිපත් කිරීමේ විශේෂ දේව මෙහෙයට ජනපති එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved