නුවරඑළිය පැවති දිස්ත්‍රික් කමිටු රැස්වීමක දී දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මෙන්ම ඊට ගතයුතු පියවරයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරා අවදානය යොමු කර තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා හෙක්ටයාර් 1,421කට හානි සිදුව තිබෙන අතර ඒ සඳහා වන්දි ලබා දිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා අදාල නිලධාරින්ට උපදෙස් ලබා දි තිබෙන්නේ.
කෙසේ වෙතත් වගා නිලධාරීන් පවසන්නේ නුවරඑළිය ප්‍රදේශයේ එළවලු අස්වැන්න අඩුවිම 25% පමණ ප්‍රමාණයක් වැනි අඩු ප්‍රමාණයක් බවත් දෛනික එළවලු සැපයීම ට එය බාධාවක් නොවන බවයි.
නමුත් දෛනික ඉල්ලුමෙහි අඩුවීමක් නිරීක්ෂණය වන බැව් කී නිලධාරීන් පැවසුවේ එළවලු මිල ඉහළ ගොස් ඇති බවට පලවන අසත්‍ය පුවත් හමුවේ මෙන්ම එළවලු හිගවීමක් ඇති බවට පලවන අසත්‍ය තොරතුරු නිසා බොහෝ දෙනා එළවලු මිලදී නොගන්නා බවයි.













