වසර පහකට පමණ පෙර අත්තනෝමතික ලෙස විසුරුවා හැරී එෆ් සි අයි ඩි හෙවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැවත බලාත්මක කර දූෂණ ලිපිගොනු කඩිනමින් විමර්ශනය කිරීමේ සූදානමක් පවතින බව නීතිය හා සාමය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
යහපාලන රාජ්‍ය සමයේදී කැබිනට් අනුමැතියෙන් පිහිටනු ලැබූ එෆ් සි අයි ඩි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟම එහි සිටි නිලධාරීන් 180 කුගෙන් 19 කු හැරෙන්නට අනෙක් සියලුම නිලධාරීන්ගෙන් බහුතරයක් දෙනා ඔහුගේ ආරක්ෂාවට යැයි කියා මාර්ග දෙපස රාජකාරියේ යොදවන්නට කටයුතු කළ අතර දූෂණ ලිපිගොනු අල්මාරි වලට සීමා වූ අතර එෆ් සි අයි ඩි නැවතීමේ තිත තැබිණි.
අනතුරුව ඒ සම්බන්ධයෙන් කොමිසමක් පිහිටුවා ඒෆ් සි.අයි ඩි සිදුකළ විමර්ශන නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් ප්‍රධාන පෙළේ දූෂණ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ( මිග් යානා ගනුදෙනුව ආදි ) නිලධාරීන් පැය 24 ක් තුළදී යාපනයට මාරු කිරීමටද පියවර ගැනුණු අතර විමර්ශන නිලධාරීන් වාඩිවී සිටි පුටු පවා ග්රාමාරක්ෂක නිලධාරීන්ට ලබාදීම සිදුකෙරිණි.
එතනින් නොනැවතී එෆ් සි අයි ඩි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කෙළවරකටම යැවීමට කටයුතු කළ අතර ලිපිගොනු අතර තිබූ ඇතැම් ලිපිගොනු හොරු රැකීම රජයේ ඉහළ ආයතනයක් ලවා වැසීමට හිටපු අධ්‍යක්ෂකවරයකු වන ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු කටයුතු කර තිබූ අතර එහි රාජකාරී කළ නිලධාරීන්ට කෙනෙහෙලිකම් කරමින් කුඩම්මාගේ සැලකිලි දක්වන්නට විය.
එලෙස හොරුන් රැකි එම නිලධාරියා මේ වන විට කොට්ඨාසයක් බාරව කටයුතු කිරීමද පුදුම සහගත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
තවද එම අංශයේ සේවය කළ නිලධාරීන්ට කැබිනට් අනුමැතියෙන් මාසිකව ගෙවන ලද රුපියල් 3000/= ක මාසික දීමනාවද කපා හැරීමටද කටයුතු කර තිබිණි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී පියාගේ සොහොන රාජ්‍ය මුදල් වැය කර ඉදිකරන ලදැයි චෝදනා එල්ල කර නඩු පවරනු ලැබුවේ එෆ් සි අයි ඩි සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසය.
හිටපු ජනාධිපති ලේකම්වරයෙකු ලලිත් වීරතුංග මහතාට විරුද්ධව සිල් රෙදි නඩුව ගොනුකරනු ලැබූවේ එෆ් සි අයි ඩි විසින් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසය.
දැනටමත් එහි එහි මූලාරම්භයක් ලෙස නිලධාරීන් කීපදෙනෙකු කැඳවා විශේෂිත දූෂණ ගොනු කීපයක වැඩ කටයුතු ආරම්භ කර ඇති බව දැනගන්නට ඇති අතර තව නෝබෝ දිනකින් ආරම්භ වන මහ මැතිවරණයෙන් අනතුරුව එහි සේවය කරමින් සිටියදී විසුරුවා හැරී දක්ෂ නිලධාරීන් නැවත එම සේවයට කැඳවා ඉතා සක්‍රීය ලෙස කඩිනමින් දූෂණ ගොනු විමර්ශනය කර වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනු ඇතැයි දැනගන්නට ඇත.
ඒ සඳහා අවශ්‍ය මූලික සාකච්ඡාවන් මේ වන විට ඉහළ පෙළේ නිලධාරීන් අතර පවත්වා ඇති බවට වැඩිදුරටත් දැනගන්නට ඇත.
[ada]