පසුගිය වසරේදී ක්ෂය රෝගීන් 8,787ක් පමණ HIV පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර ඉන් 68 දෙනෙකුට HIV ආසාදනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.
ඒ අනුව, ක්ෂය රෝගයෙන් පෙළෙන සියලු දෙනා සහ එම රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරන සෑම දෙනෙකුම HIV පරීක්ෂණයකට යොමු වන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ.
එමෙන්ම සියලුම ක්ෂය රෝගීන් සඳහා HIV පරීක්ෂණයක් අනිවාර්ය වන අතර, HIV සමඟ ජීවත් වන පුද්ගලයන් ප්‍රතිකාර ආරම්භ කරන අවස්ථාවේදී ඔවුන්ට ක්ෂය රෝග පරීක්ෂාවක් සිදු කළ යුතු බව ද ඔවුන් පවසා සිටියා.