නාසා ආයතනය විසින් ක්‍රියාත්මක කරන ඓතිහාසික “Artemis II” මෙහෙයුමේ කොටස්කරුවෙකු වෙමින් තමන්ගේ නම අභ්‍යවකාශය වෙත යැවීමට ලොව පුරා මහජනතාවට දැන් සුවිශේෂී අවස්ථාවක් උදා වී තිබේ. “Send Your Name with Artemis II” නමැති මෙම වැඩසටහන යටතේ ලියාපදිංචි වන පුද්ගලයන්ගේ නම්, සඳ වටා ගමන් කිරීමට නියමිත ඔරියන් (Orion) යානය තුළ ඩිජිටල් දත්ත ගොනුවක් ලෙස තැන්පත් කර යැවීමට නියමිතය.
මෙම මෙහෙයුම නාසා ආයතනයේ සඳ ගවේෂණ වැඩසටහනේ පළමු මිනිස් සහිත අභ්‍යවකාශ චාරිකාව ලෙස ඉතිහාසයට එක්වන අතර, තෝරාගත් ගගනගාමීන් පිරිසක් සමඟ මහජනතාවගේ නම් ද රැගත් මෙම යානය 2026 අප්‍රේල් මාසයේදී දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. දින 10ක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම මගින් ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට අවශ්‍ය දියුණු තාක්ෂණික පද්ධති සජීවීව පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබේ.
අභ්‍යවකාශ ගවේෂණයට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට නාසා ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා සිය නම ඇතුළත් කර ලියාපදිංචි විය හැකි අතර, එහිදී තමන්ගේ නම සහිත අතථ්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් (Virtual Boarding Pass) බාගත කර ගැනීමට ද පහසුකම් සලසා ඇත. මෙය මනුෂ්‍ය වර්ගයා සඳ වෙත නැවත ගමන් කිරීමේ ගෝලීය ප්‍රයත්නයට මහජනතාව සමීප කරවීමේ අරමුණින් දියත් කර ඇති වැඩසටහනකි.














