සමනලුන් කියන්නෙ මේ විශ්වයේ සිටින සුවිශේෂි සත්ත්වයෙක්. තම ජීවිතයේ විශාල පරිවර්තනයකට ලක්වෙන මෙම සමනලුන් කාලයක් දලඹුවන් ලෙස හිඳ අලංකාර හා තේජාන්විත සමනලයන් බවට පත්වේ. මෙම සමනලුන් දැකීමේ පොදු ආධ්‍යාත්මික අර්ථය ලෙස නැවත ඉපදීම සහ නැවත නැගිටීම නිරූපණය කරයි. නැවත ඉපදෙන්නට මැරෙන්නම අවශ්‍ය නැත. ජීවිතයේ අලුත් විශාල වෙනසක් පරිවර්තනයක් සිදුවීම මෙමගින් සංකේතවත් කරයි. බොහෝ දෙනාගේ ඉල්ලීම මත එක් එක් සමනලුන්ගේ වර්ණ අනුව එම සමනලුන්ගෙන් කියවෙන අධ්‍යාත්මික අර්ථයන් ගැන මෙම ලිපිය මගින් ඔබට දැනුවත් වෙන්න පුලුවන්.
1.කහ පාට සමනලුන්( Yellow butterfly)
ඔබගේ ජීවිතයේ නව බලාපොරොත්තු හා සතුට පිළිබඳ ධනාත්මක සලකුණකි.
බොහෝ විට ඔබ සතුටින් ප්‍රබෝධමත්ව සිටින අවස්ථාවන් වල ඔවුන් දක්නට ලැබෙනු ඇත.
2.සුදු පාට සමනලුන් ( white butterfly)
ඔබගේ ආද්‍යාත්මික පරිවර්තනය , සංශුද්ධතාවය, වාසනාව හා සමෘද්ධිය නිරූපනය වේ. මෙය ඔබ දෙස විශ්වය බලාසිටින බවටද ලකුණක් විය හැකිය.
3.තැඹිලි සමනලුන් (orange butterfly)
ධනාත්මක ශක්තිය , සතුට , ප්‍රීතිය සංකේතවත් කරයි. ජීවිතය කෙරෙහි ඇල්මක් ආශාවක් ඇතිවන විට ඔබට මෙම සමනලුන් දක්නට ලැබෙනු ඇත.
4.දුඹුරු සමනලුන් ( brown butterfly)
ඔබගේ ආරක්ෂාව නිරූපණය කරයි. එසේම සුබ පෙරනිමිත්තක් විය හැකිය. කාලගුණ තත්වය යහපත් වන බවට ඉඟියක් විය හැකිය.
5.කලු සමනලුන් (black butterfly )
මිනිසාගේ ජීවන චක්‍රය සංකේතවත් කරයි. එනම් ඉපදීම , මියයාම හා නැවත ඉපදීමේ ක්‍රියාවලියයි. ජීවිතයේ පරිවර්තනයක් අලුත් වීමක් ඇති වන බව ඔබට දන්වන ලකුණකි.
6.අලු සමනලුන් (gray butterfly )
පරිවර්තනය , අලුත් කිරීම, නව බලාපොරොත්තු ගැන පවසයි. බොහෝවිට ඔබට ලැබෙන නව අවස්ථා කෙරෙහි අවධානය දක්වමින් එම අවස්ථා ලඟා කර ගැනීම හා ත්‍රාසජනක ගමනක් ආරම්භ කිරීම නිරූපණය කරයි
7.රතු සමනලුන් ( Red butterfly )
විශාල ආධ්‍යාත්මික අර්ථයක් ඇත. වාසනාව , ප්‍රතිලාභ මෙන්ම ප්‍රීතියේ ලකුණකි. ඔබ විශ්වයෙන් ඉල්ලා සිටින දේ ඔබට ලැබෙන බවට ඉඟියකි.
8.නිල් සමනලුන් ( blue butterfly )
ආදරය සංකේතවත් කරන ලකුණකි. සහජ සන්සුන් බවක් ඔබ තුළ ඇතිවීම නිරූපණය කරයි. නිල් සමනලුන් දකින්නේනම් භාවනා කිරීමට එම අවස්ථාවේ හිත එකඟ කර ගැනීමට ඔබට හැකිවේ.
9.දම් සමනලුන් (purple butterfly )
වඩාත් හොඳ වෙනසක් , දුෂ්කර කාලවලදී එම දුෂ්කරතා ජය ගන්නට ඔබට උපකාර කරන ශක්තියක් නිරූපණය කරයි. ඉදිරියේදී ඔබගේ ආධ්‍යාත්මික සංවර්ධනය වන බව දන්වන ලකුණකි.
ඔබ කුමන ආකාරයේ සමනලුන් දුටුවත් එම අවස්ථාවේ ඔබගේ ජීවිතයේ අරමුණු සිහින සිහි කරමින් විශ්වයටම ස්තූතිවන්ත වෙන්න.
✍️රසාරා සමරසේකර ©
(loa expert & psychologycal counselor)