ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 15ක් මිය ගොස් තිබෙන බව වාර්තා වුණා.
යුදෙව් ප්‍රජාවගේ ආගමික උත්සවයක් ඉලක්ක කර ගනිමිනුයි මෙම වෙඩි තැබීම එල්ල වී තිබෙන්නේ.
මිය ගිය අය අතර වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙක් සිටින බව ද සදහන්.
සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයන් 42 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබෙන්නේ පුද්ගලයින් 1,000ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් සිඩ්නිහි, ප්‍රකට බොන්ඩි වෙරළ තීරයේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ යුදෙව් ප්‍රජාවගේ ආගමික උත්සවයක් වන ‘හනුක්කා‘ සැමරුමයි.
අදාළ වෙඩික්කරුවන් සොයා මෙහෙයුම් කර තිබෙන අතර එහි දී අනාවරණය වි ඇත්තේ වෙඩික්කරුවන් දෙදෙනා පියපුතු දෙපලක් බවයි.
කෙසේ වෙතත් පොලිස් වෙඩි පහරින් වෙඩික්කරුවන් දෙදෙනාගෙන් පියා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් මහතා මෙම සිදුවීම හෙළා දකිමින් ප්‍රකාශ කර ඇත්තේ මෙය ජාතියේ හදවතට එල්ල වූ “නපුරු යුදෙව් විරෝධී ත්‍රස්තවාදී ප්‍රහාරයක්” බවයි.














