කටාර් රාජ්‍යයේ රාජ්‍ය අංශයේ සේවකයන් වෙනුවෙන් මෙවර ඊදුල් ෆිතර් උත්සවය නිමිත්තෙන් දින 7ක නිවාඩු කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමට කටාර් එමිරි දිවානය (Amiri Diwan) පියවර ගෙන තිබේ. ඒ අනුව, රජයේ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ පොදු අධිකාරීන් සඳහා මෙම නිවාඩුව මාර්තු 17 වනදා ආරම්භ වී මාර්තු 23 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.
නිවාඩු කාලසීමාවෙන් පසුව සියලුම රාජ්‍ය සේවකයන් මාර්තු 24 වනදා යළි සේවයට වාර්තා කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. කටාර් රාජ්‍යය පුරා උත්සවශ්‍රීයෙන් සැමරෙන ඊදුල් ෆිතර් උළෙල වෙනුවෙන් ජනතාවට සහ සහන සැලසීම මෙහි අරමුණයි.













