රජයේ රෝහල් සහ සෞඛ්‍ය සේවාවන් ඉලක්ක කරගනිමින් කඩාකප්පල්කාරී ක්‍රියා තවදුරටත් සිදු කිරීමට කටයුතු කළහොත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට රජයට සිදුවන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා දැඩිව ප්‍රකාශ කර සිටිනවා.
මහජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම් සහ රෝහල්වල සාමාන්‍ය දෛනික කටයුතු අඩාල වන පරිදි ක්‍රියා කිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ දිය නොහැකි බවත්, රෝගී ජීවිත අවදානමක හෙළමින් සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් රජය දැඩි අවධානයෙන් පසුවන බවත් ඔහු අවධාරණය කළා. එබැවින් වගකිවයුතු වෘත්තිකයන් ලෙස කටයුතු කරන ලෙසත්, එසේ නොමැති වුවහොත් නීතිමය රාමුව තුළ දැඩි පියවර ගැනීමට පසුබට නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී රතු එළියක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටියා.














