පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේ අවසානයේ පැවැත්වීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (නොවැ. 26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, ජනවාරි මාසයේ අවසානයේදී නාම යෝජනා කැඳවා පළාත් පාලන මැතිවරණයට අදාළ දිනයන් ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බව ය.
දැනට ලබා දී ඇති නාම යෝජනා පිළිබඳව පක්ෂ නායකයින් සමග විධිමත් සාකච්ඡාවක් පවත්වා තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.
“අපේ රජයේ අවශ්‍යතාවයත් හැකි ඉක්මණින් මේ පළාත් පාලන මැතිවරණය පවත්වන්න. අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභාවල කටයුතු අඩාල වෙලා තිබෙනවා. ප්‍රාදේශීය සංවර්ධන කටයුතුවලදී අපේ අලුත් රජයේ කටයුතු ගම් මට්ටම දක්වා අරගෙන යෑම ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා. එතකොට මේකෙදී මූලිකත්වයටත් වඩා ඇත්තට ම අපිට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ එකඟතාවයක් ලබා ගන්න වුවමනා වෙලා තිබුණා. මේ තිබෙන නාම යෝජනා සම්බන්ධයෙන්. ඊයෙත් රැස්වුණු පක්ෂ නායක රැස්වීමේදී යම් අදහස් ප්‍රමාණයක් සාකච්ඡාවට ලක් කළා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පළාත් පාලන මැතිවරණ කඩිනම්න් පැවැත්වීමේදී නාම යෝජනා මෙලෙස ම තබාගෙන යනව ද? නැත්නම් අලුත් නාම යෝජනා කැඳවනවා ද? කියන ගැටලුව අපි ඉස්සරහ තියෙනවා. ඒ අනුව, තව දින කිහිපයකින් විධිමත් සාකච්ජාවක් පක්ෂ නායකයින් විසින් පවත්වලා ඒ ක්‍රියාවලිය සම්මත කර ගත්තට පස්සේ පුළුවන් පළාත් පාලන මැතිවරණයක් පවත්වන්නට. කොහොමත් 2024 වර්ෂය සඳහා මුදල් වෙන් කර ගන්න ක්‍රමයක් නෑ. ලබන වසරේ ඉතා ම කඩිනමින් පළාත් පාලන මැතිවරණයක් පවත්වනවා. ඊට අදාළව මුදල් වෙන් කර ගැනීමත්, මේකට තියෙන නීතිමය තත්ත්වය වෙනස් කර ගැනීමත්, කර ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්දේදී සිද්ධ වෙන්නේ නෑ.ලබන වසරේ මුල් මාසේ අවසානයේදී අපිට පුළුවන්කම තියේවි නාම යෝජනා කැඳවලා මැතිවරණය සඳහා දින ප්‍රකාශයට පත් කරන්න”