කණ්ඩලම වැව් තාවුල්ලේ ප්‍රතිකාර ලබමින් සිටි ‘කණ්ඩලමේ හැඩකාරයා’ නමැති වන අලියා ඊයේ 13 දා පස්වරුවේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉදිරි පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙනුයි මෙලෙස මාස 6කට අධික කාලයක් තිස්සේ වන අලියා ප්‍රතිකාර ලබමින් සිටියේ.
වයස අවුරුදු 25 -30 අතර පසු වූ මෙම වන අලියා ප්‍රතිකාර ලබා නැවත වනයට මුදා හල අවස්ථාවේ නැවත වෙඩි ප්‍රහාරයකට ලක් වී තිබෙන බවත් වාර්තා වනවා.
කෙසේ වෙතත් මේ සුන්දර සද්දන්ත වන අලියා ට නිර්වානයේ සුවය පතමු !!!