“කණ්ඩලමේ හැඩකාරයා” නමින් හඳුන්වන වනඅලියා වැව් ඉස්මත්තේ නිදා ගනිමින් අමාරුවෙන් නැවත නැවතත් නැගිටිමින් සිට තිබෙන බව ප්‍රදේශවාසින් පවසා තිබෙනවා.
මෙම හස්තියාගේ ඉදිරි පාදයට මීට මාස ගණනාවක දී වෙඩි වැදී වැදීමකට ලක්ව ඇති අතර වනජීවී නිලධාරීන් අවස්ථා කිහිපයකම මෙම වන අලියාට ප්‍රතිකාර සිදු කළා.
මේ වව විට වන ජීවී නිලධාරින් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා විවිධ උපක්‍රමශීලීව ප්‍රතිකාර කිරීම් කටයුතු සිදු කරද්දී හස්තියාට අවශ්‍ය ආහාර ප්‍රමාණවත් නොමැති බව ප්‍රදේශවාසීන් පවසා තිබුණා.
කෙසේ වෙතත් අදාල බලධාරින්ගෙන් ප්‍රදේශ වාසීන් ඉල්ලා සිටියේ කඩිනමින් අලියාට තවදුරටත් නිසි ලෙස ප්‍රතිකාර කොට ජීවිතය බේරා ගැනීමට කඩිනමින් කටයුතු සිදු කරන ලෙසයි.
මේ අතර, හස්තියා ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් ද යොදවා ඇති බවයි වාර්තා වුණේ.
එමෙන්ම පරිසර අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාද මෙම හස්තියාගේ සුව දුක් බැලීම සදහා පැමිණ තිබෙනවා.