කණ්ඩලම ජලාශයේ වාන් දැමීම ආරම්භ කළ බවත් මේ වන විටත් කණ්ඩලම ජලාශයේ වාන් ජලය දඹුල්ල වෑවල වැව මාර්ගය හරහා ගලා බසින බව මහවැලි අධිකාරිය කියයි.
ඒ අනුව ජනවාරි පළමුවැනි දා විශාල ජල කඳක් කණ්ඩලම ජලාශයෙ වාන් දැමීම සිදුකළ බවත් අද (2 ) උදෑසන වන විට යම් මට්ටමකින් වර්ෂාව අඩුවීමත් සමඟ තත්පරයට ගන අඩි හත්සිය අසූවක පමණ ජලයක් කුඩා තම්මන් ඇළ හරහා මිරිස්ගෝනියා ඔය ට වැටී කළා වැවට ගලා බසින බව බෝවතැන්න ජලාශ භාර ප්රධාන ඉංජිනේරුව බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේය.
කණ්ඩලම ජලාශය වාන් දැමීම දඹුල්ල වෑවල වැව ප්රධාන මාර්ගය හරහා සිදුවන නිසාවෙන් කුඩා වාහන ගමන් කිරීමෙන් වලකින ලෙසත් විශාල බස් රථ සහ අනෙකුත් වාහන ද වාන මතින් ගමන් කිරීමේ දී දැඩි පරිස්සම් විය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.
කෙසේ වෙතත් අද (02 ) උදෑසන නව පාසල් වාරය ආරම්භ කිරීමත් සමඟ පාසල් සිසුන් රැගත් බස් රථ බොහොමයක් තප්පරයට ගන අඩි හත්සිය අසූවක් වාන් දමන වාන් වතුරෙන් අනාරක්ෂිත ලෙස ගමන් කරන අයුරු දැක ගැනීමට හැකි විය.