අගමැතිතුමිය ගිහින් කීල්ස් එකේ බඩු ගත්තාට පෞද්ගලික ආයතන වල වැඩ කරන අයට, කම්කරුවන්ට සතොසේ පෝලිමේ සිට හාල් කිලෝ පහ ගන්න බැරි බව බදුල්ල දිස්ත්රික් මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
“රනිල්ගේ වැය ශීර්ෂයම මාස හතරකට කපලා මේ අය ඉදිරිපත් කර තිබෙන බව කබීර් හෂීම් මන්ත්රීතුමා පැහැදිලිව කිව්වා.නිලධාරීන් තමයි ඔබලා මුලා කරන්නේ.අපි මුලා කළෙත් නිලධාරීන්.අවුරුද්ද තුනට කඩලා මාස හතරක ගාන හදලා අතුරු සම්මත ගිණුම කියලා ඔබලාට දීලා තියෙනවා.අවුරුදු හැත්තෑවක් තිස්සේ රිපීට් ගැහුව. ඕව මගෙන් ඉගෙන ගන්න.මම පළාත් සභාවේ මුදල් ඇමති.ඔය ගොල්ලොන්ගේ කනෙන් රිංගලා තියෙන්නෙ.
මහාචාර්ය ආචාර්ය පට්ටම් තියෙන්න පුළුවන්. අපි ඒවට තරහ නෑ. අපෙනුත් ඉගෙන ගන්න දේවල් තියෙනවා.අනුරගේ වැය ශීර්ෂය සහ රනිල්ගේ වැය ශිර්ෂය සමාන වී තිබෙනවා.මහා බැංකුවේ අධිපති එළවනවා කිව්වා. එලෙව්වද?අගමැතිතුමිය ගිහින් කීල්ස් එකේ බඩු ගත්තට පෞද්ගලික ආයතන වල වැඩ කරන අයට, කම්කරු අයට ගිහින් සතොසේ පෝලිමේ ඉදල හාල් කිලෝ පහ ගන්න බෑ .ඕගොල්ලොන්ගේ ආණ්ඩුව වැටෙනවට අපි කැමති නෑ. තව කාලයක් ඔයගොල්ලො ඉන්න ඕන”