චීනයේ නැගෙනහිර ෂැන්ඩොං පළාතේ රසායනික කම්හලක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා.
චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටින්නේ පිපිරීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති අතර තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි
එමෙන්ම තවත් හය දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වන බව සඳහන්
ගලවා ගැනීමේ සේවකයින් 200 කට වැඩි පිරිසක් එම ස්ථානයට යවා ඇති බව වාර්තා වනවා.
මෙම රසායනික කම්හලේ වෙබ් අඩවියට අනුව එහි පළිබෝධනාශක, ඖෂධ සහ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ස්ථානයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.