කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට (SEDD) අනුබද්ධ බස්නාහිර පළාතේ සේවයේ නියතු සංවර්ධන නිලධාරීන් (DO) හා ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරීන් (EDTO), යන අය “සම්බන්ධීකරණ නිලධාරීන් – Relationship Officers” යන තනතුර යටතේ රටේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බවට පරිවර්ථන කිරීමේ නියමු වැඩසටහන ඊයේ (04) දියත් කෙරුණා.
මෙම නියමු වැඩසටහන බස්නාහිර පළාත මූලිකව ආරම්භ කෙරුණු අතර මේ සඳහා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) ඒකාබද්ධ වීම විශේෂත්වයක්.
ඒ අනුව SLIM ආයතනය මැදිහත්වීම මත තෝරාගත් නිලධාරීන් 50 දෙනෙකු ජාත්‍යන්තර මට්ටමේ පාඨමාලාවක් හරහා ඔවුන්ගේ හැකියාවන්, කුසලතා, ආකල්ප යන ධාරිතාවන් වර්ධනය කර උසස් මට්ටමේ ප්‍රායෝගික ව්‍යාපාර උපදේශකවරුන් බවට පත්කෙරුණු ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“සම්බන්ධීකරණ නිලධාරීන්ගේ (RO’s) භූමිකාවේ පරිවර්තනය මා දකින්නේ, ව්‍යවසායකයින්ගේ සාර්ථකත්වය තීරණය කරන අත්‍යවශ්‍ය සහ බලවත්ම කණ්ඩායමක් ලෙසයි. මෙමඟින් ඔවුනගේ ම කුසලතා, හැකියාවන්, ආකල්ප සහ දිශානතිය වර්ධනය කරගත හැකියි. මෙම වැඩසටහන හරහා ඔවුන්ට ජාතික සැලැස්මේ ඓන්ද්‍රීය කොටස්කරුවෙකු බවට පත්වීමට අවස්ථාවක් තිබෙනවා. ඇත්තෙන්ම මෙය “රැකියාවෙන් ඔබ්බට ගිය භූමිකාවක්” යනුවෙන් පැවසීය.