• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කවුද තමන්ව නැගිට්ටෙව්වේ කියලා මතක තියා ගන්න ඕන- දුමින්දගෙන් රිදෙන කතාවක්

6 January 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

 

කෙලෙහිගුණය කියන එක තිබුණොත් තමයි ඉස්සරහට හොඳ වෙන්නේ,තමන්ගේ වැඩේ කර ගත්තා දැන් අහවල්ලු ඕන නෑ කියලා හිතුවොත් ලොකු ගමනක් නම් යන්න බැරි වෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර තිරප්පනය, සන්දනම්කුළම ගම්මානයේ අභිනවයෙන් ඉදි කළ ප්‍රතිආශ්‍රිත ජල පෙරණ පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය.රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් වැය කරමින් උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තු ප්‍රථිපාදන යටතේ මෙම ජල පෙරණ පද්ධතිය ඉදි කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා, “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩු මගින් ඔබතුමන්ලාගේ ගම්මාන වලට විශාල සේවයක් කරලා තියෙනවා.මේ ගම්මානය ගත්තත් ගමේ වැව් 04 ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩු වලින් හදලා තියෙනවා පහුගිය කාළය තුළ, මේ වැව් වල වැඩ පටන් ගද්දීත් , වැඩ අවසන් කරද්දීත් මම ආවේ නෑ.ඒ නිසා බෝඩ් එකක්වත් ගහලා නැතිව ඇති , කවුද මේ වැඩ කලේ කියලා දන්නෙත් නැතිව ඇති ගමේ කට්ටිය.ඒ වගේම මේ ගම්මානයේ පෙර පාසලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලක්ෂ 05 ක් දීලා තියෙනවා, මෙම ගම්මානය ළූණු ගම්මානයක් ලෙස නම් කරලා රුපියල් ලක්ෂ 08 ක ළූණූ බීජ ලබා දීලා ඒ ව්‍යාපෘතිය අනුමත වෙලා එය ක්‍රියාත්මක වෙන්න යෙදිලා තියෙනවා.ඒ වගේම රුපියල් ලක්ෂ 50 ක මුදලක් විදුලිය ලබා දීමට අපි ලබා දීලා තියෙනවා.

අපි බෞද්ධයෝ විදිහට කෙලෙහිගුණය කියන එක තිබුණොත් තමයි ඉස්සරහට හොඳ වෙන්නේ,කෙලෙහිගුණය නැති අයට වෙන්නේ මොනවද කියන එක දැන් ඇස් පනාපිටම පේන්නත් තියෙනවා.ඒ නිසා අපි බෞද්ධයෝ විදිහට කෙලෙහිගුණයත් තියා ගන්න ඕන.කවුද තමන්ට අතහිත දුන්නේ, කවුද තමන්ව නැගිට්ටෙව්වේ, කවුද මේ ගම ශක්තිමත් කරන්නේ කියන කාරණාවත් පිළිබඳව වැඩි විමසිල්ලෙන් ඉන්න කියලත් අපි ඉල්ලීමක් කරනවා.ඉස්සරහටත් ඔබතුමන්ලාට වැඩ ගන්න පුළුවන්කම තියෙන්නේ වැඩ කරපු අයගෙන් මිසක්, වැඩ කරන්නම් කියන අයගෙන් නෙමෙයි.වැඩ කරලා පෙන්නලා තියෙන අයගෙන් තමයි ඔබතුමන්ලාට විශ්වාසයෙන් ඉතිරි අඩුපාඩු ටික සකස් කර ගන්න පුළුවන්කම තියෙන්නේ.එහෙම නැතිව කවුරු හරි හිතුවොත් එහෙම ගමටම වැව් 04 යි තියෙන්නේ, වැව් 04 ම හදා ගත්තා දැන් අහවලා ඕන නෑ , ලයිට් ටික ගත්තා දැන් එයා ඕන නෑ, පාර හදා ගත්තා දැන් අහවල්ලු ඕන නෑ, එහෙම වුණොත් ටික කාළයක් යන්න පුලුවන්කම තියෙනවා හැබැයි ඉස්සරහට ලොකු ගමනක් යන්න බැරි වෙනවා.

සමහර වෙලාවට අපි ගම්වලට ගිහින් වැඩ කරපුවම ඇති මේවා කියන්න ඕන නෑ කියලා අපි හිතනවා.හැබැයි මේ හැමෝම එකම බුද්ධි මට්ටමක නෑනේ, සමහර වෙලාවට අපි තමයි පාර අනුමත කලේ, හැබැයි තවත් කවුරු හරි කියාගෙන යන්න පුළුවන් නෑ අපි තමයි මේක හදන්නේ කියලා.සමහර වෙලාවට එකම බුද්ධි මට්ටම නැති කට්ටිය අර පිටින් ඇවිත් කියන බොරුව විශ්වාස කරන්නත් පුලුවන්.

ඔබතුමන්ලා මොන විදිහට ජන්දය පාවිච්චි කළත්, නොකලත් අපිට වගකීමක් තියෙනවා අපි ගත්ත ජන්දයට, අපි ආණ්ඩු කරන, කරපු උදවිය විදිහට, පළාත් සභාවේ , ප්‍රාදේශිය සභාවේ වැඩ කරන උදවිය විදිහට ගම්බිම් දියුණු කරන එක තමයි, ජනතාවගේ ජන ජීවිතය උසස් තත්වයකට ගෙන ඒම තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව.ඒ වෙනුවෙන් ඉදිරියටත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියන කාරණාවත් විශේෂයෙන් සිහිපත් කරමින්. ගම සමඟි වෙන්න, මැතිවරණ කාළයට අපි මැතිවරණ කරමු,හැබැයි ගමේ දියුණුව වෙනුවෙන් සියලු දෙනාම පක්ෂ, පාට , ජාති-ආගම්, කුළ-මළ භේද ඉවත් කරලා හැමෝම එකට එකතු වෙලා මේක අපේ ගම, අපේ ගම වෙනුවෙන් අපි හැමෝම පෙනී සිටින්න ඕන, අපේ කෙනා වෙනුවෙන් අපි හැමෝම පෙනී සිටින්න ඕන , අපේකම වෙනුවෙන් අපි හැමෝම පෙනී සිටින්න ඕන කියන කාරණාව මූලික කර ගෙන සියලු දෙනාම අත්වැල් බැඳ ගන්න යැයි පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ, තිරප්පනය ප්‍රාදේශීය සභා සභාපති සරත් ඉලංගසිංහ මහතා ඇතුළු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්, රාජ්‍යය නිළධාරීන් හා ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

Post Views: 0
Previous Post

ආයුධ සන්නද්ධ සටන්කාමී බලවේගය අපියි – ඇමැති පාඨලි කියයි

Next Post

වැරැද්දක් ඇත්නම් නීතිය හමුවට යන්න – ඇමති රිෂාඩ්ගෙන් අවවාදයක්

editor

editor

Next Post

වැරැද්දක් ඇත්නම් නීතිය හමුවට යන්න - ඇමති රිෂාඩ්ගෙන් අවවාදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved