දෙහිවල සත්වෝද්‍යානයේ නිලධාරීන් පිරිසක් විසින් දෙහිවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සත්වෝද්‍යානයේ සිටි කහ ඇනකොණ්ඩා පැටවෙක් අතුරුදන් වී ඇති සිද්ධිය සම්බන්ධවයි.
මෙම කහ ඇනකොණ්ඩාව රැගෙනවිත් තිබුණේ පසුගිය සැප්තැම්බර් මස 12 වනදා තායිලන්තයේ සිට මෙරට කාන්තාවක් විසින් නීති විරෝධීවයි.
පසුව එම සත්ත්වයින් කටුනායක ගුවන් තොටුපළ රේගුව භාරයට ගෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාර දී තිබෙනවා.
මෙම කහ ඇනකොණ්ඩා දකුණු අමෙරිකාව නිජබිම කරගත් බරින් වැඩිම සර්ප විශේෂයක් බවයි දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කසුන් හේමන්ත සමරසේකර මහතා පැවසුවේ.
එමෙන්ම මෙම අතුරුදන් වී ඇති කහ ඇනකොන්ඩාවා මීට පෙර දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොසිටි බවත් ඔහු එම අවස්ථාවේදී සඳහන් කර සිටියා.














