කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්සයින් 6 දෙනෙකු ගොඩ ගසා තිබෙන බව වාර්තා වුණා.
වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය සඳහන් කරන්නේ මෙලෙස වෙරළ තීරයට ගොඩගසා ඇති සත්වයින් 6 දෙනාම කිසියම් අනතුරුවලට ලක්වී ඇති බවයි.
මේ අතර කළුතර වෙරළ තීරයේ මේ දිනවල මුහුද රළු ස්වභාවයක් ගෙන ඇති බවද ජීවිත ආරක්ෂක නිලධාරීන් සඳහන් කර සිටිනවා.