කළුතර මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු වන බන්දුල ප්‍රසන්න මහතා ඉලක්ක කරගනිමින් ඊයේ (07) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ. පොලිසිය සඳහන් කරන පරිදි, මෙම අපේක්ෂකයා ඉලක්ක කරගනිමින් මීට මාස නවයකට පෙර ද මෙවැනිම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එය ද සාර්ථක වී නොමැත.
සිද්ධිය වූ ස්ථානයේ සිදුකළ පරීක්ෂණවලදී පිස්තෝල උණ්ඩයක් සහ ජංගම දුරකථනයක් බිම වැටී තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. සැකකරුවන් ප්‍රහාරය එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එය ව්‍යර්ථ වී පලා ගොස් ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන බවත් වාර්තා වේ.














