කොළඹ වීදිවල විචිත්‍රවත් බවත්, මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ විද්‍යුත් වාතාවරණයත් සමඟ අද මුළු දිවයිනම එකම ක්‍රිකට් උණකින් වෙළී පවතී. 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මේ මොහොතේ, පසුගියදා ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමඟ මෙරට ක්‍රිකට් උන්මාදය උපරිම තලයට පැමිණ තිබේ. මෙම ජාතික සැමරුම මධ්‍යයේ, ICC නිල පානීය සහකරු වන කොකා-කෝලා (Coca-Cola) සමාගම ශ්‍රී ලාංකීය රසික හදවත් අමන්දානන්දයට පත් කරමින් නවතම වෙළඳ දැන්වීමක් නිර්මාණය කර ඇත.
පැතුම් නිශ්ශංකගේ අමතක නොවන ශතකය හමුවේ ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමත් සමඟ රට පුරා ඇති වූ ප්‍රීතිමත් වාතාවරණය කොකා-කෝලා සමාගම සිය වෙළඳ දැන්වීම හරහා මනාව ප්‍රතිනිර්මාණය කර තිබේ. “Enjoy Coke, let life thrive” (කොකා-කෝලා රස විඳින්න, ජීවිතයට ඉඩ දෙන්න) යන තේමාව යටතේ දිවෙන මෙම නිර්මාණය, ක්‍රිකට් ක්‍රීඩාව යනු හුදෙක් ක්‍රීඩාවක් පමණක් නොව ශ්‍රී ලාංකික අපගේ ජීවන රටාව බව ලොවටම කියාපායි. ක්‍රීඩාංගණයේ සිට නිවසේ රූපවාහිනිය ඉදිරිපිට සිටින රසිකයා දක්වා වූ ඒකාබද්ධ හැඟීම මෙම දැන්වීමේ රිද්මය බවට පත්ව ඇත.
ශ්‍රී ලංකා සිංහයන් පිටියට පිවිසෙන සෑම මොහොතකම මුළු මහත් ජාතියම එකම හුස්මකට පත්වන අතර, එම උද්යෝගිමත් අවස්ථාවන් සිසිල් කොකා-කෝලා උගුරකින් සැමරීම දැන් ශ්‍රී ලාංකීය ක්‍රිකට් සංස්කෘතියේ අංගයක් වී තිබේ. පැපරේ සංගීතයේ රිද්මය සහ ලෙළදෙන සිංහ ධජය මධ්‍යයේ, රසිකයන්ගේ ප්‍රීති ඝෝෂාවට ශක්තියක් වෙමින් කොකා-කෝලා සමාගම සැමවිටම රසිකයන් සමඟ සිටී. ක්‍රීඩකයන් පිටියේ දස්කම් දක්වන විට, ඒ දස්කම් පිටුපස සිටින සැබෑ හදගැස්ම වන රසිකයාගේ ආත්මය මෙම ප්‍රචාරණ ව්‍යාපාරය මගින් ඇගයීමට ලක් කර ඇත.
ලෝක කුසලාන උණුසුම තවදුරටත් ඉදිරියට ගලා යන විට, කොළඹ, ගම්පහ, ගාල්ල සහ මහනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක කොකා-කෝලා ෆෑන් පාර්ක් (Fan Parks) මගින් රසිකයන්ට සජීවීව තරග නැරඹීමේ පහසුකම් ද සලසා තිබේ. ලෝක කුසලානය අපේ මව්බිමේ රැඳී පවතින මෙම වටිනා මොහොතේ, සෑම ජයග්‍රහණයක්ම සහ සෑම තීරණාත්මක මොහොතක්ම කොකා-කෝලා සමඟ සමරමින් සිංහයන්ට ශක්තියක් වීමට දැන් සියලු දෙනාටම අවස්ථාව ලැබී ඇත.














