රත්මලාන ශ්‍රී ධර්මාරාම පාර අසලදී ක්‍රිකට් පිත්තකින් පහරදී 28 හැවිරිදි විවාහක තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘ආමිසේන’ නමැත්තා ගල්කිස්ස පොලිස් අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රත්මලාන දුම්රියපළ අසලදී ඉකුත් 10 වනදා අත්අඩංගුවට ගත් මෙම සැකකරු 41 හැවිරිදි වියේ පසුවන යුද හමුදා සේවයෙන් පලාගිය අයෙකි. මොහු මීට පෙර ගල්කිස්ස ප්‍රදේශයේම සිදුවූ තවත් මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනටමත් නඩු විභාග වෙමින් පවතින පුද්ගලයෙකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
ඉකුත් 06 වනදා නිවාස දෙකක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවූ අතර එහිදී පවුත්වාදුරගේ සුපුන් සඳරුවන් ද සිල්වා නමැති තරුණයා ජීවිතක්ෂයට පත් විය. පොලිස් පරීක්ෂක මුදිත දල්පතාදු මහතාට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදුකළ මෙම මෙහෙයුමෙන් පසු සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ. ගල්කිස්ස පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.















