8 September 2024
#දේශීය #පුවත්

ක්ලබ් වසන්තගේ බිරිඳ කලුබෝවිල රෝහලට මාරු කරයි – වෑන් රථයත් හමුවෙයි

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් (ක්ලබ් වසන්ත ) නැමැත්තාගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි හෝමාගම මූලික රෝහල පවසයි.

මැණික් විජේවර්ධන (42) කාන්තාව (08) දා උදෑසන අතුරුගිරිය හන්දිය ආසන්නයේ විවෘත කිරීමට නියමිත රූපලාවණ්‍යාගාරයකට පැමිණි අවස්ථාවේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරින් මෙසේ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබුණි.

පසුව ඇය ශල්‍යකර්මයක් සඳහා යොමු කොට දැඩිසත්කාරයකගේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයගේ තත්ත්වය අසාධ්‍ය බැවින් කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

මීට අමතරව රෝහල් ගතව සිටි යොමානා කෞෂධී  ශල්‍යකර්මයකට භාජනය කොට මේ වන විටත්  දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

වෙඩි තැබීමෙන්  කොළඹ 07 වෝර්ඩ් ප්ලේස් අංක 02 / සී හි පදිංචි රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් (ක්ලබ් වසන්ත )(55) හා අතුරුගිරිය රතුවිලවත්ත අංක 709 / A / 197 hi පදිංචි විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේසුරිය (37) හැවිරිදි දෙදෙනකු මියගොස් තිබූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මේ අතර අතුරුගිරියේ වෙඩි තැබීමේ ඝාතකයන් මෝටර් රථයෙන් අනතුරුව පලා ගිය වෑන් රථය බුලත්සිංහල දෙල් මෑල්ල ප්‍රදේශයේ තිබී ඊයේ රාත්‍රී බුලත්සිංහල පොලිසියට හමුවී ඇත.

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න/බිමල් ශ්‍යාමන්

coppied – ada derana

Leave a comment

Your email address will not be published. Required fields are marked *