කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බවයි.
මෙම ගිගුරුම් සහිත වැසි සමයේදී තාවකාලික තද සුළං ඇතිවීමටද ඉඩ ඇති බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
අකුණු නිසා ඇතිවෙන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය සුරක්ෂිත පියවර ගන්නා ලෙසයි කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.













