නොවැම්බර් 22 ඇස්පැසින්, ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදේ නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.
එය වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ප්‍රදේශයට ආසන්නව ගමන් කරනු ඇති බවත් එසේ හෙයින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටන බවත් ඉල්ලා සිටිනවා.
උතුරු, උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන අතර, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1 පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල කිහිප ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් පවතින අවස්ථා ඇති බවද සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ පැමිණිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පෙත්සම් ක්‍රියා සඳහා ජනතාව අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි














