මේ දිනවල පවත්නා කාලගුණික තත්වය වෙනස්වීම හේතුවෙන් පුද්ගලයන් විශාල පිරිසක් මානසික ව්‍යාකකූල තත්ත්වයන්ට ගොදුරු වන බව වාර්තා වී තිබෙනවා.
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසා තිබෙන්නේ සමස්තයක් ලෙස ගත් විට ලොව පුරා මෙය සාමාන්‍ය තත්වයක් වන බවයි.
විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ ද එය නිරීක්ෂණය වී ඇති බවයි ඔහු පවසා සිටියේ.
ගෝලීය වශයෙන් හටගෙන ඇති දේශගුණික වෙනස්කම් නිසා අපේ රටේද හිටි ගමන් ඇතිවන ඇතැම් කාලගුණික වෙනස්කම් නිසා සෘජුව හා වක්‍රව පුද්ගලයන් මානසික වශයෙන් විවිධ පීඩාවන්ට මුහුණ දී සිටින බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.
එමෙන්ම මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා දිගුකාලීනව හිරු එළියට නිරාවරණය වන පුද්ගලයන් තුළ ද මානසික රෝගී තත්ත්වයන් වැඩි වීමක් පවතින බවත් වෛද්‍යවරයා අවධාරණය කර සිටියා.
එම නිසා අද වන විට ලොව තරුණ පිරිසෙන් සියයට 60 වැඩි පිරිසක් ආතතියට හා විශාදයට ගොදුරු වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.