ලංකා දහයයි-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස යාපනය ටයිටන්ස් කණ්ඩායම සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අතර පල්ලෙකැගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට යාපනය ටයිටන්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹාගිය යාපනය ටයිටන්ස් කණ්ඩායම ඕවර 8.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්තේය. වේගවත් පිතිහරඹයක නිරත වූ ටොම් කොලර් කැඩ්මෝ පන්දු 21 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 57 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
ට්‍රෙවීන් මැතිව් |
ලකුණු 32 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී ටොබ් ඇබෙල් (නොදැවී 33) සමග එක්වූ කැඩ්මෝ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 75 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් යාපනය ටයිටන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 19 කට මුහුණදුන් ඇබෙල් හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසුවේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 106 ක් පමණි. එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක පන්දු 17 කින් ලකුණු 51 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
පළමු පන්දුවේදීම ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ලකුණු නොළබා දැවී යෑමෙන් අනතුරුව සෙසු ආරම්භක පිතිකරුවා වූ මුහම්මද් ශේෂාඩ් (22) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 77 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද දසුන් සමත් විය. පන්දු 15 කදී වාර්තා වූ ශේෂාඩ්ගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.
දසුන්ගේ දැවී යෑමන් පසු පිතිකරුවන් 5 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමට බංග්ලා ටයිගර්ස් පන්දු යවන්නෝ සමත් වීමත් සමග ටයිටන්ස් ඉනිම කඩා වැටිණ. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ට්‍රෙවීන් මැතිව් සිය ඕවර 2 ලකුණු 10 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් විය.
හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල – ඕවර 10 කදී කඩුලු 8 කට 106
(මුහම්මද් ශේෂාඩ් 22, දසුන් ශානක 51, ට්‍රෙවීන් මැතිව් 10/4)
යාපනය ටයිටන්ස් පිල – ඕවර 8.1 කදී කඩුලු 2 කට 107
(ටොම් කොලර් කැඩ්මෝ නොදැවී 57, චරිත් අසලංක 12, ටොම් ඇබෙල් නොදැවී 33)