එකම පවුලේ සිව් දෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් කැබ් රථයක ගැටීමෙන් ඊයේ (10) දින අනතුරක් සිදුව තිබෙනවා.
මුරුන්කන් ප්‍රදේශයේ වංකාල නානට්ටාන් මාර්ගයේ නරි විලකුලම්, වෙලාන්ගනි හන්දියේදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
මව, පියා, දියණිය පුතා ඇතුලු එකම පවුලේ සිව්දෙනෙකුයි මෙලෙස යතුරු පැදියේ ගමන් කර තිබෙන අතර ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරින් සිව්දෙනාම තුවාල ලබා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිව් හැවිරිදි පිරිමි දරුවා මියගොස් තිබෙනවා.
මෘත ශරීරය මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසා සිටින්නේ.