ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වත්මන් කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් නුදුරු දිනකදීම සිදු කිරීමට සූදානම් වන බව රජයේ
දැනට මතුව ඇති දේශපාලන සහ පරිපාලනමය අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින්, රජයේ ඉදිරි කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.
මෙම වෙනස්කම් කැබිනට් මණ්ඩලයට පමණක් සීමා නොවන බවත්, අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන් සහ ප්‍රධාන රාජ්‍ය ආයතන ගණනාවක සභාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් ද මෙහිදී වෙනසට ලක්වනු ඇති බවත් වාර්තා වේ.
පසුගිය කාලසීමාව තුළ අමාත්‍යාංශවල ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව, වඩාත් සුදුසු පුද්ගලයන් අදාළ තනතුරුවල පිහිටුවීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබේ. විශේෂයෙන්ම ආර්ථික සහ සංවර්ධන අරමුණු සපුරා ගැනීම සඳහා නව ජවයකින් යුත් කණ්ඩායමක් ඉදිරියට ගෙන ඒමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.














