මෙරට රන් මිල පසුගිය සති කිහිපය තුළ රුපියල් ලක්ෂ තුනකට වඩා පහළ ගොස් ඇති බව වාර්තා වුණා.
ඒ අනුව, කැරට් 22 රන් පවුමක මිල මේ වනවිට රු. 298,000ක් ලෙස සටහන් වන අතර, පසුගිය ඔක්තෝබර් 17 දිනට සාපේක්ෂව රු. 81,000කින් පහත වැටී තිබෙනවා
ඔක්තෝබර් 17 දින කැරට් 22 රන් පවුමක මිල රු. 379,200ක් වූ අතර, ඒ දින කැරට් 24 රන් පවුමක මිල රු. 410,000ක් සිට අද වනවිට රු. 322,000ක් දක්වා පහළ ගොස් ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.













