කිරිබත්ගොඩ වෙළෙඳසැල් 02ක් අද (30) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.
ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 5ක් යොමුකර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.
නිමි ඇඳුම් වෙළෙඳ සැලක් සහ පාවහන් වෙළෙඳ සැලකුයි මෙලෙස ගිනි ගෙන තිබෙන්නේ.
කෙසේ වෙතත් ගින්න හේතුවෙන් කිරිබත්ගොඩ නගර මධ්‍යයේ කොළඹ – නුවර මාර්ගය පැය 04ක් වසා දැමීමටද සිදු වි තිබෙනවා.
කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති බව ත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති බව ත් ය.













