කිරි තේ එකක මිල වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය විසින් පවසා තිබේ.
මෙලෙස මිල වැඩි කිරීමට සිදුව තිබෙන්නේ ආනයනික කිරිපිටි මිල ඉහළ යෑම හේතුවෙනි.
එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කර සිටියේ අප්‍රේල් 1 වැනිදා සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි.
ඒ හේතුවෙන් ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ යන අතර, එහි නව මිල රුපියල් 1,100ක් බවට පත්වනවා.