කිලෝ මීටර් තුනෙන් තුනට පාසල් හදන බව ජනාධිපති අනුර දිසානායක මහතා කෙදිනකවත් පවසා නැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර සිටිනවා.
පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේ කිලෝමීටර් තුනක් ලෙස පැවසෙන දේ වෘත්තයක අරය මෙන්ම විශ්කම්භය ලෙසද ගත හැකි බවයි.
එසේ නොමැතිව කිලෝමීටර් තුනෙන් තුනෙන් තුනට පාරවල් හදන පාසල් හදන බවත් කිසි දිනක කියා නැති බවයි ඔහු පැවසුවේ.
දරුවෙකුට කිලෝ මීටර තුනක උපරිම දුර සීමාවක් යටතේ පාසලක් ලබාදීම යන්නෙන් කිසිම කිලෝ මීටර් තුනෙන් තුනට පාසල් හදන බවක් අදහස් නොවන බවද ඔහු කියා සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විමසූ පැනයකට ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මෙලෙස පැවසුවේ
එහි දී සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ අනුර දිසානායක මහතා ඒ බව ප‍්‍රකාශ කරන හඬ පටයක් ප්‍රචාරය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දෙන ලෙසයි.