ගොඩක් දෙනෙක් කලබලයට පත් කළ මේ පුවත ඇත්තටම සිද්ධ වුණේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ තියෙන ප්‍රධාන ලිබර්ටි ප්‍රතිමාවට” (Statue of Liberty) නෙවෙයි.
පසුගියදා ඇති වූ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් මෙම ප්‍රතිමාව කඩා වැටී තිබෙන්නේ බ්‍රසීලයේ (Brazil) සාඕ පවුලෝ ප්‍රාන්තයේ “බාරු” (Bauru) නම් නගරයේදියි.
මෙය ඇමරිකාවේ ඇති ප්‍රතිමාවේ අනුරුවක් (Replica) පමණි.
මෙම ප්‍රතිමාව පිහිටා තිබුණේ බ්‍රසීලයේ ප්‍රසිද්ධ දෙපාර්තමේන්තු ගබඩා ජාලයක් වන Havan ආයතනයකට අයත් ගොඩනැගිල්ලක් ඉදිරිපිටයි. පැයට කිලෝමීටර් 70කට වඩා වැඩි වේගයකින් හමාගිය සුළඟ නිසා මෙම ප්ලාස්ටික් සහ ෆයිබර්වලින් නිමවූ ප්‍රතිමාව මුලින්ම ගැලවී ගොස් පාර මැදට ඇද වැටී තිබෙනවා.
මින් ජීවිත හානි හෝ කිසිවෙකුටවත් තුවාල සිදුවී නොමැත ඇත්තේ දේපළ හානි පමණි.
ඇයි මේක මෙච්චර ප්‍රසිද්ධ වුණේ?
සමාජ මාධ්‍ය ජාලාවල මෙම ඡායාරූප සහ වීඩියෝ වේගයෙන් පැතිර ගිය අතර, බොහෝ දෙනෙක් සිරස්තල පමණක් කියවා මෙය නිව්යෝර්ක් නගරයේ පිහිටි සැබෑ නිදහසේ ප්‍රතිමාව යැයි වැරදියට වටහා ගෙන තිබෙනවා. නමුත් එය බ්‍රසීලයේ වෙළඳ ප්‍රචාරණ කටයුත්තක් සඳහා ඉදිකරන ලද අනුරුවක් පමණකි.













