දෙදිනක් පමණ වයසැති කුඩා බිළඳෙක් කුඹුරක් අසල දමා ගොස් ඇති පුවතක් වාර්තා වනවා.
මාවතගම පරගහදෙණිය සිංහපුර ප්‍රදේශයෙ දීයි මෙම සිදුවීම සිදුව තිබෙන්නේ.
අද (17) පෙරවරුවේ දී ප්‍රදේශවාසියෙකු කළ දැනුම් දිමකට අනුව පොලිසිය විසින් සිදුකල සෝදිසි කිරිමකදි දෙදිනක් වයස මෙම බිලිදා සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
පොලිස් නිලධාරින් විසින් මාවතගම රෝහලට ඇතුලත් කල බිලිදා වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල රෝහලට වෙත ඇතුළත් කර තිබෙනවා.
මාවතගම පොලිසිය විසින් අදාල දරුවාගේ දෙමව්පියන් සොයාගැනීම සදහා විශේෂ විමර්ශනයක් දියත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.