අලෙවිසැල සම්පූර්ණයෙන්ම විනාශයි
කුරුණෑගල, පරගහදෙණිය ප්‍රදේශයේ පිහිටි හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක අද (10) හදිසි ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්නෙන් කර්මාන්ත ශාලාවට අනුබද්ධිත අලෙවිසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ. ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අලාභ හානි පිළිබඳ තක්සේරු කිරීම් සහ වැඩිදුර විමර්ශන ප්‍රදේශයේ පොලිසිය විසින් සිදු කරනු ලබයි.














