ඌරගස්මංහන්දිය, කයිලත්ත ප්‍රදේශයේ කුරුඳු කැලෑවක තිබී පිළිස්සුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියගිය පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි තොම්මයා හකුරු දීප්ති කුලතිලක නැමති 52 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බව පොලිසිය විසින් හඳුනාගෙන ඇත.
මළ සිරුර සොයාගන්නා අවස්ථාව වන විට සිරුර සම්පූර්ණයෙන්ම පිළිස්සී තිබූ අතර, සිරුර අසල වූ කුරුඳු ගස් ද ගින්නට හසුවී පිළිස්සී තිබූ බව වාර්තා වේ.
නිවස පිටුපස පිහිටි කුරුඳු කැලෑව තුළ සිය නිවෙස් හිමියා පිළිස්සී මියගොස් සිටින බවට නිවැසියන් පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව මෙම සිරුර සොයාගෙන තිබේ.
මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් කිසියම් සාපරාධී ක්‍රියාවක් ද යන්න පිළිබඳව ඌරගස්මංහන්දිය පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වයි.
සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතය.














