ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 මෙවර අයවැය ප්‍රකාශය තුළින් වී ගොවිතැන ආරක්ෂා කිරීමේ අරමුණින් තීන්දු තීරණ රැසක් ගෙන තිබෙනවා.
2024 – 2025 මහ කන්නයේ සිට ප්‍රමාණවත් වී තොග පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසුවා.
එම කන්නය සඳහා රු මිලියන 5,000ක් වී මිලදී ගැනීමට වෙන්කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, පොහොර සහනාධාරය සඳහා මේ වසරට රු මිලියන 35,000ක් වෙන්කරන බව ද කියා සිටියා. එමෙන්ම කෘෂිකර්මාන්තයට අදාළව යාවත්කාලීන කළ දත්ත සහ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරන බවත් ජනාධිපතිවරයා පවසා සිටියා.
වී සහ සහල් එකතු කිරීමට හා ගබඩා කිරීමට අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
ඌන උපයෝජිත ඉඩම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රයට තරුණ ව්‍යවසායකයින් කැඳවීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරන බවත් ජනාධිපතිවරයා පවසනවා.