වී සහ අතිරේක බෝග වගාවන් නැංවීමට නව වැඩපිළිවෙළක්
දේශීය කෘෂිකර්මාන්තයේ නව පිම්මක් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
මෙම ඒකාබද්ධ ප්‍රවේශය හරහා වී වගා වපසරියන් සහ අනෙකුත් බෝග වගාවන් ක්‍රමවත්ව කළමනාකරණය කිරීමට විශේෂ අවධානයක් යොමු කෙරේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා සහ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා මේ හරහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව ව්‍යාපෘති පිළිබඳව කරුණු පැහැදිලි කළහ.














