ඇයගේ මේ අහිමිවීම බොහෝ දෙනෙකුට කම්පනයක් වෙලා..
ඇය නමින් මධාරා මදුභාෂිනීයි. රත්නපුර රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කල මදාරා සදහටම අප අතරින් වෙන් වෙලා ගිහින්
හුරතල් වයසේ පසුවන සිගිති දියණියටත්, ඇගේ සැමියටත්, දෙමව්පියන්ටත් සදා දුකක අතරමං කරමින් ඈ මොලොව හැර ගියේ කිසිවෙකුත් නොසිතූ නිමේෂයක.
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යනය කටයුතු හමාර කළ මදාරා නිසි වයසේදී විවාහ වෙලා තමන්ගේ සුරතල් දියනියත් සමග ජීවිතය සැලසුම් කරන්නට ඇති. නමුත් ඇයට මේ ලෝකය තුළ ජීවත් වෙන්න තිබ්බ කාලය මෙපමණක් වෙන්න ඇති.
තමන්ගේ රාජකාරියට බස් රථයක යමින් සිටිය දී බස්රථය හඹා ගිය ත්‍රිරෝද රථය බේරාගැනිමට උත්සුක වු රියදුරා ගැසු බ්රේක් පහර හේතුවෙන් බස් රථයෙන් බහින්නට ගිය මදාරා මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගියා.
නොසිතූ මොහොතක සිදුවුණු අනතුරක් නිසා ඇය ජීවිතයත් මරණයත් අතර සටනක පසුවෙන්නේ දින කිහිපයක සිටයි.. කොහොම වුණත් රටට සේවයක් ඉටුකළ මේ වෛද්‍යවරිය සදහටම මෙලොවින් සමුගන්නවා..
ඇයගේ දේහය මේ වනවිට ඇගේ නිවසේ තැන්පත් කර ඇති අතර අද සවස 4.00ට මල්වල පොදු සුසාන භූමියේ දී, දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට සුදානම්.
මේ ඇසෙන දකින හැම දෙයින්ම ගත යුත්ත නම්, පාරේ යනවිට සුපරික්ෂාකාරී විය යුතු බවයි. පාරට යන ඔ්නෑම රියදුරෙකු ගේ නොසැලකිලිමත් භාවයෙන් විනාශ වන්නේ ඔයාගේ විතරක් නෙවෙයි.
කෙනෙක් මේ ලෝකෙන් යන එකට හේතුව ඔයාගේ අපරික්ෂාරී රිය පැදවීම වෙන්න දෙන්න එපා.