ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ පවතින සබඳතා පිළිබඳව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඊයේ (02) ප්‍රකාශයක් සටහන් කරගත්තේය. සැකකාර පද්මේ විසින් කරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇති අතර, එහිදී රණතුංග මහතා ප්‍රකාශ කළේ සැකකරු තම ගමේ අයෙකු වුවද ඔහු පුද්ගලිකව හඳුනාගෙන නොමැති බවත්, ඔහුගේ පියා සමඟ පමණක් සබඳතා පැවති බවත්ය.














